තොරතුරු ප‍්‍රධානී මුහුන්දන් නික්ම යයි

muhunthanතොරතුරු තාක්ෂණ ආයතනයේ කළමණාකරන අධ්‍යක්ෂ මුහුන්දන් කානගේගේ ඉල්ලා අස්වීම තවත් අතුරු කතා රැසක ආරම්භයක් විය හැකිය. මුහුන්දන් කියා සිටින්නේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ නියෝගය සහ විදුලි සංදේශන සහ ඩිජටල් අමාත්‍ය හරින් ප‍්‍රනාන්දුගේ ලිඛිත දැන්වීම මත තමන් ඉල්ලි අස්වූ බවයි.

කෙසේ වෙතත් ඇතුලතින් හෙළිවන තොරතුරු අනුව ඉල්ලා අස්වීමට තුඩු දී ඇත්තේ බරපතල චෝදනා හා පති‍්‍රචෝදනාය. තමන්ට හිතවත් සමාගමකට ශී‍්‍ර ලංකාවේ මූල්‍ය ගනුදෙනු පිළිබඳව අයිතිය පවරා දීමට කානගේ කටයුතු කල අතර ඊට විරෝධය එල්ල වූ පසු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන සිරස මාධ්‍ය ආයතනයට විද්‍යුත් සංඛ්‍යාත ලබා දුන් බවට තොරතුරු පැතිර ගියේය. කානගේ කියා සිටින්නේ ඔහු 2015දී පත්වන විට රුපියල් මිලියන පමණ ණය බරක් තිබූ තොරතුරු තාක්ෂණ ආයතනයේ නව මගකට යොමු කිරීමට තමන් සමත් වූ බවයි. එසේම ඔහු කියන්නේ තමන් තමන්ගේ රැකියාව බේරා ගැනීම සඳහා තමන්ගේ ප‍්‍රතිපත්ති පාවා නොදෙන බවය. ඔහුට චෝදනා නගන පිරිස කියා සිටින්නේ ලබැඳීයාවන් අතර ගැටුමක් ඇති කරමින් තමන්ට හිතවත් ආයතන වලට විශේෂ අනුග‍්‍රහ ලබා දීමට ඔහු කටයුතු කල බවයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.