දකුණු ඉන්දියව ගිනියම් වේ

83214588_027383172ඉන්දියාව පුරා පවතින දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් පුද්ගලයන්  හත්සීයකට  අධික පිරිසක් මරුමුවට පත් වී ඇති බව වාර්තා වෙයි.

ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙන්ටි ග්‍රේට් අංශක හතළිස් අටට ආසන්න වී තිබේ.

බොහොමයක් මරණ වාර්තා වී තිබෙන්නේ තෙලගානා සහ අන්ද්‍රා ප්‍රදේශ් යන දකුණු ඉන්දීය ප්‍රාන්තවලින්.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අලහාබාද් ප්‍රදේශයේ වාර්තාගත උෂ්ණත්වය සෙන්ටි ග්‍රේට් අංශක හතළිස් අටක් වන තර දිල්ලි අගනුවර උෂ්ණත්වය සෙන්ටි ග්‍රේට් අංශක හතළිස් හතර දක්වා ඉහළ ගොස් තිබේ.

හැකිතාක් පිටතට නොගොස් නිවෙස් තුළ රැඳෙමින් දියර පානය කිරීමට උත්සාහ කරන මෙන් බලධාරීහු මහජනතාවගෙන් ඉල්ලා සිටිති.

ඉහත කී දකුණු ඉන්දීය ප්‍රාන්තයන් තුළ පසුගිය අප්‍රේල් මස මැද භාගයේ සිට අධික උෂ්ණත්වයක් පවතින අතර බොහොමයක් මරණ වාර්තා වී ඇත්තේ පසුගිය සතිය ඇතුළතදීයි.

උෂ්ණාධික තත්වය තවත් දින කිහිපයක් පැවතීමට බොහෝ සෙයින් ඉඩ ඇති බව ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

 

83209047_83209046ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 48 ක් දක්වා වැඩිවී තිබිණි.

වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ දකුණු ඉන්දියාවේ තෙලන්ගානා සහ ආන්ද්‍රා ප්‍රදේශ් වලින් බවත් එම ප්‍රදේශවල සෙනසුරාදා වන විට අධික උෂ්ණත්වය හේතුවෙන් වැසියන් 140 දෙනකු මියගොස් සිටියහ.

උතුරු ප්‍රදේශයේ අලහාබාද් හි සෙල්සියස් අංශක 48 ක උෂ්ණත්වයක් වාර්තාවූ අතර අගනගරය වන දිල්ලි නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 44 දක්වා වැඩිවී තිබිණි.

බලධාරීන් එරට වැසියන්ට දන්වා සිටියේ වැඩිපුරම නිවාස තුළට වී සිටින ලෙසත් දියර වර්ග වැඩි වශයෙන් පානය කරන ලෙසත්ය.

ඉන්දියාවේ වැඩිම උෂ්ණත්වයක් වාර්තාවූයේ පසුගිය අප්‍රේල් මාසයේ වුවත් වැඩිවශයෙන්ම මරණ වාර්තාවූයේ පසුගිය සතියේය. අධික උෂ්ණත්වය හේතුවෙන් ආන්ද්‍රා ප්‍රදේශ වැසියන් 246 දෙනකු පසුගිය සතියේදී මිය ගොස් සිටියේය. පළාත් බලධාරීන් පවසන්නේ දැඩි සූර්යාලෝකයට නිරාවරණය වීමෙන් මියගිය පිරිස 62 ක් වන බවය.

_83209039_83208325

 

 

 

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.