දකුණු කොරියාවේ සිටින ලාංකිකයින් කැළඹිල්ලක

koriyaදකුණු කොරියාවට යෑමට පෝලිමේ දකුණු කොරියානු ආණ්ඩුව නීති විරෝධී අයුරින් එරට සිටින ශ්‍රමිකයින් පිටමං කිරීමේ වැඩ පිළිවෙලක්ම ආරම්භ කිරීමත් සමඟ එහි නීති විරෝධී අයුරින් රැඳී සිටින ශ‍්‍රීලාංකිකයන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිති. සිටින නීති විරෝධී අයුරින් දකුණු කොරියාවේ රැඳී සිටින ශ‍්‍රීලාංකිකයන්ට එරටින් පිටවීමට මාස තුනක පොදු සමා කාලයක් ලබාදී ඇතත් මේ බොහෝ දෙනා එරට පැම්ණ සිටින්නේ ඒජන්සීකරුවන්ට රුපියල් ලක්ෂ ගණනක් පුජා කිරීමෙන් අනතුරුවයි.

“ලංකාවට යනවට වඩා වහ කනවා හොඳයි” යැයි ආරච්චිකට්ටුවේ සිට පැමිණ සියෝල් නගරයේ පිරිසිදු කිරීමේ ආයතනයක සවය කරන අතුල නිමලවීර lankanewsline වෙත කියා සිටියේය. පොදු සමාකාලය අවසන් වන ඔක්තෝම්බර් 10 දිනට පෙර ශ‍්‍රී ලංකාවට එන මෙන් ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එරට නීති විරෝධීව රැදී සිටින ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කොට ඇතත් ඊට කී දෙනක් ප්‍රතිචාර දක්වාවිද යන්න සැක සහිතය.

දැඩි පියවරක්

අනෙක් අතට සමා කාලය හමාර වූ පසු දකුණු කොරියානු ආණ්ඩුව දැඩි පියවරක් ගැනීමට ඉඩ ඇත. 2011 වසරේ සිට 2016 දක්වා වූ කාලය තුළ ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන් 1983 දෙනෙක් දකුණු කොරියාවේ රැදී සිටින බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ. මේ වනවිට ඔවුන් සඳහා නීති මාර්ගයෙන් කටයුතු කර රුපියල් ලක්‍ෂ විස්සක ඇප බැඳුම්කරය අයකර ගැනීමට කාර්යාංශය කටයුතු කරමින් සිටී.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.