දඩයක්කාරයා

දඩයක්කාරයා

What’s the best joke ever-Gurpal Gosal with his best!

ලෝකයේ හොදම විහිලුව මොකක්ද? මේ ප්‍රශ්ණයට පිළිතුරු හොයන්න ලාර්ෆ් ලැබ්  (Laugh lab) පර්යේෂණය  බ්‍රිතාන්‍ය විද්‍යා සංගමයේ මෙහෙය වීමෙන් දියත් කෙරුණා. විහිලු එවන්න කළ  ඇරයුමට ප්‍රතිචාර ලෙසින් විහිලු 40,000ක් ලැබුණු අතර තවත් ලක්ෂ 15 ක් පමණ තමන් කැමති විහිලුවට මනාප ලකුණු කලා.  හොදම විහිලුව හැටියට තේරුනේ මැන්චෙස්ටර් නගරයේ ගුරුපාල්  ගෝසාල්  ඉදිරිපත්කල විහිලුවක්. ඔහු මනෝ විද්‍යාඥයෙක්.

මෙන්න මේකයි විහිලුව-.දඩයක්කාරයෝ දෙන්නෙක් කැලෑවට ගියා. එක්කෙනෙක් සිහි නැතුව බිම ඇද වැටුනා.අනෙකා මොබයිල් ෆෝන් එක අරගෙන හදිසි සේවා අංකයට කතා කලා. “මගේ යාලුවා මැරිලා“ මොකද කරන්නේ? ෆෝන් කරපු දඩයක්කාරයා ඇහුවා. ටෙලිෆෝන් ඔපරේටර් උත්තර දුන්නා .කලබල වෙන්න එපා.මම උදව් කරන්නම්. අපි ඉස්සේලාම යාලුවා මැරිලද කියලා හරියටම දැනගන්න ඕනේ. මොහොතක නිශ්ශබ්ද තාවයක්. තුවක්කුවෙන් වෙඩි හඩක්. ආයෙත් යාලුවා ඔපරේටර්ට කතා කලා .හරි ඒ වැඩේනම් හරි. දැන්  මොකක්ද කෙරෙන්න ඕනේ.

මේ තවත් එකක් 

 

dog and man

මිනිහෙක් තඩි බල්ලෙක් අරගෙන පාර දිගේ ඇවිදගෙන යනවා.  ඔයාගේ බල්ලා මිනිස්සු හපනවද කියලා පාරේ යන තවත් හාදයෙක් අහනවා. නෑ මගේ බල්ලා මිනිස්සු හපන් නෑ කියලා බල්ලා අරගෙන යන මනුස්සයා කියනවා. අර හාදයා බල්ලගේ ඔලුවට තට්ටුවක් දානවා. බල්ලා අර ඔලුවට තට්ටුව දාපු හාදයාගේ අත හපා කනවා. මිනිහට යකා නගිනවා. තමුසේ මොනවද ඕයි කිවුවේ. තමුසෙගෙ බල්ලා හපා කන්නෑ කියලා කිවුවා නේද? ඉතින් මේ බල්ලා මගේ නෙවෙයිනේ, අල්ලපු ගෙදර බල්ලනේ ,අර හාදයා ඇගට පතට නොදැනී කිව්වා

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.