දප්පුලට අභියෝගයට මුහුණ දිය හැකිද?

dappulaaජනාධිපති බැඳුම්කර කොමිසමේ ප්‍රශ්න කිරීම් කරන නීතිඥ  හමුවේ ඇත්තේ ප්‍රබල අභියෝගයකි. ඇතමුන්ට ඔහු රඟපාන්නේ දුෂ්ට චරිතයකි. රවි කරුණානායක මහතා පැවසුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ උදවිය තමන්ගේ මීළඟ උසස් වීම් බලාගෙන තමන්ව ආවේගශීලිව ප්‍රශ්න කළ බවයි.

තවත් සමහරුන්ට ඔහු බුලට් එකකි. බැඳුම්කර මගඩියෙන් පීඩාවට පත් වූ පුරවැසියන්ට සාධාරණය ලබාදීමට කැපවීමෙන් කටයුතු කරන වීරයෙකි.

වැඩබලන නීතිපතිවරයා ලෙසත් ද කටයුතු කොට ඇතිකළ දප්පුල ද ලිවේරා මහතා රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයට බැඳෙන්නේ වර්ෂ 1985 දීය. එදා මෙදා තුර අද දක්‌වා වසර 32 ක සේවා කාලයක්‌ සම්පූර්ණ කර ඇත.

තරාතිරම නොබලා ප්‍රශ්න කරන ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා ගේ පෞරුෂය හමුවේ කොමිසමට පැමිණි රජයේ මහා බලගතු ඇමැතිවරුන් පුංචි පූස්‌ පැටවුන් වූ බවත් කොමිසමට පැමිණි ඒකාබද්ධ විපක්‍ෂයේ බන්දුල ගුණවර්ධනගෙන් මෙන්ම ආණ්‌ඩුවේ බලගතු ඇමැති රවි කරුණානායකගෙන් ද ලිවේරා මහතා ප්‍රශ්න ඇහුවේ ඔහුගේ සුපුරුදු එකම වාග් විලාශයෙන් බව මේ බැඳුම්කර කොමිසමේ සාක්‍ෂි විභාගය ආරම්භ කළ මුල් දිනයේ සිට මේ දක්‌වාම කොමිසමේ මාධ්‍ය ආවරණ කටයුතු සිදු කරන දිවයින මාධ්‍යවේදි ශ්‍යාම් නුවන් ගනේවත්ත පවසයි.

. “බැඳුම්කර මගඬිය” තුළින් මහජනයාගෙන් කොල්ලකාගත් ධනය නැවත මහජනයාට අත්පත් කර ගත හැකි නම් එය විශිෂ්ට ජයක් වනු ඇත. කොමිසම හමුවේ දප්පුල ද ලිවේරා නඟන හඬ එහිදී තීරණාත්මක සාධකයක් වනු ඇත.

පූර්ණ සත්‍ය මතුකර ගැනීමට අවැසි සියලු සාක්‍ෂිකරුවන් බැඳුම්කර කොමිසම හමුවට කැඳවිය යුතුව ඇත. මේ තාක් ඉදරිපත් වී ඇත්තේ අයිස් පර්වතයේ මුදුනත පමණි.
ඉතිරිය මතු කොට ගත යුතුව ඇත. ලිවේරා ඇතුළු කණ්ඩායමට එය ප්‍රබල අභියෝගයකි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.