දප්පුල උඩට

dappulaaවැඩබලන සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා වැඩබලන නීතීපතිවරයා ලෙස පත් කොට ඇත.

නීතීපති, ජනාධිපති නීතීඥ ජයන්ත ජයසුරිය මහතා විදේශ සංචාරයක නිරත වීම හේතුවෙන් දප්පුල ද ලිවේරා මහතා මෙලෙස වැඩබලන නීතීපතිවරයා ලෙස පත් කොට ඇත.

බැඳුම්කර කොමිසම ඉදිරියේ දප්පුල ලිවේරා ගේ හැසිරීම නින්දිත‘ බවත් තමන්ගේ 30 වසරක විනිසුරු ඉතිහාසයට මෙවැනි නින්දිත හැසිරීමක් ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකුගෙන් දැක නැති බවත් කියමින් කොමිසමේ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා දප්පුල ලිවේරාට දැඩි සේ අවවාද කරද්දී, තමාගේ 37 වසරක විනිසුරු ඉතිහාසයටත් එවැන්නක් දැක නැතැයි කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී චිත්‍රසිරි මහතා පැවසීය.

මේ සිද්ධිය වූයේ පසුගිය 2 වෙනිදා අවසන් වරට කොමිසම රැස්වූ අවස්ථාවේ දීය.

සිද්ධියට පාදක වූයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ විසින් යම් යම් පුද්ගලයන් සීඅයිඩියට දුන් ප්‍රකාශ තොගයක් සාක්කි ලෙස පිළිගන්නැයි කොමිසමට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

අර්ජුන් මහේන්ද්‍රන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ චානක ද සිල්වා ද, පර්පෙචුවල් සමාගම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස සහ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න තිදෙනා ඊට එරෙහි වෙමින් කියා සිටියේ අතිශය සාමාන්‍ය නීති තර්කයකි. එනම් පොලිසියක් ඉදිරියේ දෙන කට උත්තරයක් අධිකරණයක සාක්කියක් ලෙස පිළිනොගැනීම සාමාන්‍ය පිළිවෙත බැවින් අවශ්‍ය නම් ඔවුන් කොමිසම ඉදිරියට කැඳවා කොමිසම ඉදිරියේ දිව්රුම් මත සාක්කි විමසන ලෙසයි. එසේ නොවන්නේ නම් එය ස්වභාවික යුක්ති ධර්මයට පටහැනි බවයි.

දෙපාර්ශවයේම නීති තර්ක වලට සවන් දුන් විනිසුරුවරුන් අවසානයේ තීරණය කෙළේ යසන්ත කෝදාගොඩ ඉදිරිපත් කළ සීඅයිඩී කට උත්තර සාක්කි ලෙස පිලි නොගැනීමටයි. ඒ බව දැනුම් දීමත් සමග තප්පුලන ලිවේරා කොමිසමේ විනිසුරුවරුන්ට නිග්‍රහ කරමින් නීච ලෙස හැසිරුනේය.

තප්පුලන ලිවේරා – මේ විමර්ශන වාර්තා (සීඅයිඩී කට උත්තර) නොබලා මේ කොමිසමේ කටයුතු වලට බාධා කරනවා.

විනිසුරු ප්‍රසන්න ජයවර්ධන – අපි ඒවා අනුමත කළත් ඒවායේ සාක්කිමය වටිනාකම බින්දුවයි.

තප්පුලන ලිවේරා – මම ගොඩ නගන්නේ නීතිමය තර්කයක්. මේ විමර්ශන වාර්තා නොබැලීමෙන් ඔබලා මේ කොමිසමේ කටයුතු වලට බාධා කරනවා.

විනිසුරු ප්‍රසන්න ජයවර්ධන – ඔබේ තර්කය හාස්‍ය ජනකයි. විමර්ශනයක් සිදුවන්නේ සාක්කි විමසීමෙන් පසුවයි. අපි තවමත් ඉන්නේ සාක්කි විමසන අවස්ථාවකයි. දිව්රුමක් නොමැතිව දී ඇති ප්‍රකාශ සාක්කි ලෙස පිළිගත නොහැකියි. මේවා පිලිගත හොත් දිව්රුම් මත දී තිබෙන සාක්කි සමග පරස්පරයක් හැදෙනවා.

තප්පුලන ලිවේරා – මා කියන්නේ මෙපමණයි. මේ සීඅයිඩී කට උත්තර විමර්ශනය නොකරන්නේ නම් මේ කොමිසමේ ක්‍රියාවලිය ‘කෝළමක්‘ වෙනවා.

විනිසුරු ප්‍රසන්න ජයවර්ධන – මට විශ්වාසයි ඔබ ඔය වචන පාවිච්චි කරන්නේ මාධ්‍යයේ තමන්ට ලැබෙන ප්‍රචාරය බලාගෙනයි. අපි මාධ්‍ය වාර්තා ගැන තැකීමක් නෑ. අපි කරන්නේ අපේ වෘත්තියයි. එය ඕනෑම අධිකරණයක සිදුකරන ක්‍රියාවලියයි. අධිකරණය ඉදිරියේ ලබා දෙන්නේ නැති සාක්කියක් පිලිනොගැනීම ඕනෑම අධිකරණයක් කරන දෙයක්.

තප්පුල ලිවේරා – ඔබ ‘අවිචාරයෙන්‘ දෙන නියෝගයක් වුවත් අපි එය කරන්නම්.

ලිවේරාගේ මේ ප්‍රකාශයත් සමග විනිසුරුවරු දෙපොලගේ කෝපය ඉහ වහා ගියහ.

විනිසුරු ප්‍රසන්න ජයවර්ධන – මං තමුන්ගේ හැසිරීම ගැන මීට පෙරත් අවවාද කළා.

සභාපති විනිසුරු චිත්‍රසිරි – මේ කොමිසම ඉදිරියේ තමා මේ වගේ හැසිරුනු පළමු අවස්ථාව නොවෙයි. නිසැකවම තමාගේ මෙම හැසිරීම ගැන අපට වැඩි දුරටත් සිතන්න වෙනවා.

විනිසුරු ප්‍රසන්න ජයවර්ධන – තමාගේ හැසිරීම කිසිසේත්ම ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකුට ගැලපෙන්නේ නෑ. අධිකරණය ඉදිරියේ මෙලෙස හැසිරීම ගැන මං තමුන්ට දැඩි සේ අවවාද කරනවා. මගේ වසර 30 ක විනිසුරු ඉතිහාසයට මං තමාගේ වගේ නින්දිත හැසිරීමක් දැකලා නෑ.

සභාපති විනිසුරු චිත්‍රසිරි – මමත් අවුරුදු 37 ක් විනිසුරුවරයෙක් ලෙස සේවය කර තිබෙනවා. විනිසුරු තීන්දුවක් දුන් පසු නීතිඥයෙකු මේ වගේ හැසිරෙනවා මමත් ජීවිතයට දැකලා නෑ.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.