දයාන් මහින්ද ගේ පණිවිඩය සමග නුගේගොඩ

 

 

 

download

 

නුගේගොඩ ආනන්ද සමරකොන් පිටියේ අද (18) පැවැති මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අගමැති කිරීමේ රැලියට මහින්ද රාජපක්ෂ මහතා එක් නොවූ අතර ඔහු වෙනුවෙන් හිටපු තානාපතිවරයකු වන ආචාර්ය  දයාන් ජයතිලක මහතා හිටපු ජනපතිගේ සුබ පැතුම් පණිවිඩය ඉදිරිපත් කළේය.

‘‘එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ ගන්නා උත්සාහය මා සුබ පත්න්නේ රටට ලබාදුන් ජයග්‍රහණවලට යළි හිස නමා ගෞරවය පුද කරමිනි. අපේ ජීවිත අපේ ඊළඟ පරම්පරාවේ ජීවිත පවා පරදුවට තබමින් මා සටනට එළඹෙන්නට තීරණය කළේ මේ රට බේරාගැනීමට කැපවෙමි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ අනෙක් සියල්ල දිගු කරන නායකත්වයේ දෑත් සුපුරුදු ලෙංගතුකමින් වැළඳගන්නා බව ප්‍රකාශ කරමි.‘‘.

හිටපු අමාත්‍යවරුන්වන විමල් වීරවංශ, සී.බී.රත්නායක, ටී.බී. ඒකනායක ඇතුළු දේශපාලනඥයින් හා ජනප්‍රිය නළු නිළියන් ඇතුළු විශාල පිරිසක් රැලියට එක්ව සිටියහ.

 

අප භුක්ති විඳින්නේ පරාජයක් නොව කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්.  පරාජය පරාජයක් ලෙස පිළිගන්නට මම  කිසිසේත් නොපසුබට වෙමි.

අවමානය ද මට නුහුරු දෙයක් නොවේ. හිරගෙය පවා මට නුහුරු දෙයක් නොවේ. මගේ ජනතාව වෙනුවෙන් මා මේ සියල්ලම විඳ පුරුදු ඇති බව සියලුදෙනා දන්නා කරුණක්. බොහෝ දෙනා පරාජයට හුරුවුවන් වුවත් ගෞරවනීය ජයග්‍රහණයක හිමිකරුවන් විය  හැක්කේ අවංක නායකයෙකු පමණක් බව මගේ විශ්වාසයි.

මම එම අභිමානවත් ජයග්‍රහණ භුක්ති විඳීමටද ඉඩ ලැබූ අයෙක්. කොටි ත්‍රස්තවාදය පරාජය කර රට  මරණ මයෙන් මුදවා ගත්තා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයෙන් ලොව මවිත කළ ජයග්‍රහණ ලබාදීමට හැකි වූ බව සිහිපත් කරමි. එසේම යළි වන් ජයග්‍රහණ රටටත්, ජනතාවටත්, ලබාදිය හැක්කේ ද ඒ සඳහා යහපත් අරමුණ සහිතව එකතුවන සන්ධානයකට පමණයි.

එවන් ජයග්‍රාහි අරමුණ පෙරදැරිව නුගේගොඩට එක්ව සිටින ජනතා පවුරේ දෑත් බොහෝම තදින් වැළඳගන්නවා. රට ගැන හිතන රට වෙනුවෙන් කැපවන ඔබගේ ඒ අපේක්ෂාවන් නොසලකා සිටීමේ හැකියාවක් කිසිසේත් මට නොමැති බව මම අවධාරණය කරමි’ යයිද පණිවුඩයේ විය.රැස්ව සිටි ජනතාව ඇමැතු ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසූයේ මහ මැතිවරණය එනතුරු අපායට ඉන්ටවල් එකක් ලැබී ඇති බවයි.

 

 

former diplomat dayan jayathilaka readfs message from mahinda at nugegoda meeting

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.