දයාසිරි ගේ අනාගතය මහා පාරේ

DSC_1244

 

ශ්‍රී ලංකාවේ මහ පාර ප්‍රශ්න විසඳා ගන්නා තැනක්  බවට පත්වෙමින් පවතී.

කුරුණෑගල මහපාර මේ දිනවල භාවිතා වන්නේ දයාසිරි ජයසේකර ගේ දේශපාලන අනාගතය පිලිබඳ සන්වදයකටයි.

ආණ්ඩු පෙරළියට පෙර දයාසිරි ජයසේකර කීප වතාවක්ම පොදු අපේක්ෂක පිළට එක්වීමට උත්සහ කලත් එය සාර්ථක නොවූයේ  එක්සත් ජාතික පක්ෂයේ විරෝධය හේතුවෙනි.

ඔහුගේ සහෝදරයා මෛත්‍රී පාලනයට සහයෝගය පළ කරමින් කැනඩාවේ සිට වීඩියෝ පණිවිඩයක් නිකුත් කළේය.

දැන් දයාසිරි ජයසේකර ගේ සෙවනට ඇති එකම  වහල  ශ්‍රීලංකා නිදහස් පක්ෂයයි. ඒ තුල යන්තම් නොතෙමී ඉන්න පුළුවන් වුනත් අත පය දිග හැරීම දුෂ්කරය.

ඔහුගේ හිත මිතුරු සජිත් ප්‍රේමදසද තරමක් අමාරුවෙනි.ඔහුගේ පෙර තිබු කේවල් කිරීමේ බලය දැන් නැත.මේ නිසා දයාසිරිත් ඔහුගේ  තැන ගන්න බලන අලවතුවලටත් මහපාරේ කතිකාවට යෑමට සිදුවී තිබේ.ඒක ප්‍රජාතන්ත්‍රවාදයට නරක නැත. පොඩි ගැටලුවකට ඇත්තේ වාහන තදබදය සහ ඇනකොටා  ගැනීම් පමණි.

DSC_1252

වයඹ පළාත් සභාවේ මහ ඇමැති තනතුරින් ඉල්ලා අස්වන්නැයි මහ ඇමැති දයාසිරි ජයසේකරට බල කෙරෙන උද්ඝෝෂණය  කුරුණෑගල  වයඹ පළාත් සභාව ඉදිරිපිට පැවැත්විණි.

මේ රැස්වීම සංවිධානය කර ඇත්තේ පළාත් සභාවේ (එජාප) විපක්ෂ නායක ජේ.සී.අලවතුවල මහතා ඇතුළු පිරිසක්ය.
මහ ඇමැතිගේ සහය මෛත්‍රී පාලනයට නොගන්නැයි උද්ඝෝෂකයෝ කියති.
මේ අතර එජාප උද්ඝෝෂණය අවසන්වී පැය භාගයකට පසුව මහ ඇමැති දයාසිරි ජයසේකරට සහාය දීමේ උද්ඝෝෂණයක්ද පැවැත්විණි. අනතුරුව පළාත් සභාව රැස්විය. එහිදී පළාත් සභා මන්ත්‍රීන් වැඩි දෙනා පැවසූයේ ජයසේකර මහතා මහ ඇමැති පදවියේ රැඳී සිටිය යුතු බවයි.
DSC_12331

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.