දයාසිරි පාදයක් පෙරට

 

 

 

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට  නව නායකත්වයක් අවශ්‍ය බව  ජනධිපතිවරයා තීරන්මය කොට ඇත. පක්ෂය තුළ තනට පස මිතුරු බලවේග ඇති බව තේරම් ගන්නා අතරම නාමිකව හෝ තමන් සමග සිටිනා අනුර යාපා ,නිමල් සිරිපාල.සුසිල් ප්‍රේම් ජයන්ත් ආදීන් ගෙන් තමන් පතන ආකාරයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් ගොඩ නගා ගතා නොහැකි බව සිරිසේන මහතා තේරුම් ගෙන  ඇත.

අනෙක් අතට තීරණාත්මක මොහොතක නාමිකව තමන් හා සිටින පිරිසෙන් තමන්ට ආරක්ෂාවක් සැලසෙන්නේ නැති බව ජනාධිපතිවරයා තේරුම් ගෙන තිබේ.මේ තත්වය හමුවේ තමට අවනත එමෙන්ම ජනතා ප්‍රසාදය හිමිකරගත හැකි තරුණ නායකත්වයක් පෙරට ගත යුතු බව සිරිසේන මහතා තීරණය කොට ඇති බව වාර්තාවේ.

 

 

 

 

 

දැන් ජයසේකර මහතා පශ අර්බුදය ලිහන හැටි කථා කරන්නට පටන් ගෙන තිබේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට විමල් වීරවංශ, උදය ගම්මන්පිල දෙදෙනා කරන්නේ විශාල හානියක් බව වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

බිංගිරියේදී පැවති ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙවෙනි පෙල නායකත්වයක් නොහැදු නිසා මෛත්‍රිපාල සිරිසේන මහතා කලකිරී ගත් තීරණය නිසා පක්ෂය අවුල් වූ බවයි. එම අවුල ලිහාගෙන පක්ෂය රැකගෙන ඉස්සරහට යා යුතුව තිබියදී විමල්, ගම්මන්පිල දෙන්නා මහින්ද මහත්තයා පෙන්නා තමන්ගේ ගොඩ වැඩි කර ගන්නා බවද ඔහු කියා සිටියේය.

‘පිනට ආපු අගමැති තමයි රනිල් වික්‍රමසිංහ. එතුමා හැම සැරේම අගමැති වුණේ පිනට. මෙවරත් මෛත්‍රී මහත්තයා ඉස්සරහට දාලා අගමැතිකම ගත්තා.

මහින්ද රාජපක්ෂ දෙවෙනි නායකත්වයක් හැදුවේ නෑ. එහෙම වුණාම පක්ෂයේ ජ්‍යේෂ්ඨයෝ කලකිරෙනවා. විකල්පවලට යනවා. ඒක නවත්වන්න අමාරුයි. පක්ෂය කඩා වැටෙනවා.

අවුරුදු 47 ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් වැඩ කරපු මෛත්‍රිපාල සිරිසේන මහත්තයා කලකිරුණා. ගත්ත තීරණේ හින්දා පක්ෂය අවුල් වුණා. දැන් අපි ඒ අවුල ලිහාගෙන පක්ෂය රැකගෙන ඉස්සරහට ගෙනියන්න ඕනෑ.

විමල් වීරවංශ, උදය ගම්මංපිල දෙන්න අපේ පක්ෂෙට කරන්නේ ලොකු හානියක්. ඒ අය තමන්ගේ පක්ෂෙට ආසන සංවිධායකවරු පත් කර ගන්නවා. මහින්ද මහත්තයා පෙන්නලා තමන්ගේ ගොඩ වැඩි කර ගන්න උත්සාහයක නිරත වෙනවා’ යයිද ඔහු එහිදී කීය.

පක්ෂ අවුල ලිහන්නට සමත් වුවත් නැතත් ඔහු ගේ  ගීත ගායන හැකියාව ඉහළ හෙයින් ඔහුට ජනතාව පිනවීමට හැකිවනු ඇත.

 

[vsw id=”/G5iQrwUV9mQ” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.