දයා රාජපක්ෂ දිවි ගමනේ නිම් තෙරට

daya-rajapaksha (2)කාටූන් හා චිත්‍ර කථා කලාවේ පුරෝගාමියකුවූ දයා රාජපක්ෂ මහතා කොළඹ ජාතික රෝහලේදී අද (26) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

මිය යන විට 78 වැනි වියේ පසුවූ රාජපක්ෂ මහතා විජය පුවත්පත් සමාගමේ සේවය කළේ ය.

ඔහු වෘත්තීය ජීවිතයට පිවිසියේ ලේක් හවුස් ආයතනයෙනි.

ජනප්‍රිය චිත්‍ර කථා රාශියක් නිර්මාණය කර ඇති දයා රාජපක්ෂ මහතාගේ චිත්‍ර කථා බොහොමයක් ටෙලි නාට්‍ය හා චිත්‍රපට බවට ද පත් විය.

සිළුමිණ පුවත්පතේ වානරයෝ චිත්‍ර කතාවෙන් සිය චිත්‍ර කථා කලාව ආරම්භ කළ රාපජපක්ෂ මහතාගේ සක්විති සුවිය, හුලවාලි, තවලම ආදී චිත්‍ර කථා රැසක් සිනමා නිර්මාණ බවට පත් විය.
රාපජපක්ෂ මහතාගේ දුලාරි, හතේ වසම, බොරළු පාර, අනූපමා ආදී චිත්‍ර කථා රැසක් ටෙලි නාට්‍යට ද නැඟිණි.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.