දරු දෙදෙනා දියේ ගිලේ… මවු පියෝ දිවිය අත් හරිති…

trinco-2කල්කුඩා මුහුදු තීරයේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙක් දියේ ගිලී මිය යෑමේ වේදනාව දරා ගත නොහැකි ඒ තරුණයින්ගේ මව්පියන් දෙදෙනා ගෙල වැල ලා ගෙන මිය යෑමේ ඛේදවාචකයක් කල්කුඩා ප්‍රදේශයෙන් වාර්තා වේ. මේ දෙමව්පියෝ නිවස ඉදිරිපිට ගසක ගෙල වැල ලාගෙන සිටියදී අද (19) අලුයම සොයාගෙන තිබිණි. ප්‍රදේශ වාසීහු මේ සිද්ධිය පිලිබද පොලිසියට සැල කිරීමෙන් පසු එම ස්ථානයට පැමිණි පොලිසියට දක්නට ලැබී තිබුණේ එල්ලෙමින් ඇති මල සිරුරුය.

ඊයේ ( 18) සවස කල්කුඩා මුහුදු තීරයේ දිය නෑමට ගිය මේ දෙසෝයුරන්ගෙන් කෙනෙක් ශම්මුගම් ශසින් කුමාර්ය. වයස අවුරුදු 21 කි. බාල සොයුරා ශන්මුගම් සුරේෂ් කුමාර්ය. වයස අවුරුදු 18 කි. සිය දෙපුතුන් ගේ මරණය පිළිබද සැලවීම දරාගත නොහැකිව මිය ගිය පියා වේලුපිල්ලේ ෂන්මුගම්ය. මව යෝග ලක්ෂ්මීය. මේ වනවිට ශම්මුගම් ශසින් කුමාර්ගේ සිරුර සොයාගෙන තිබේ.

සිදුවූ ඛේදවාචකය පිළිබදව වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙමින් තිබේ.

trinco-3

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.