දසුන් සියදිවි නසාගත්තේ ඇයි ?

dasunපෙරේදා (25) සියදිවි හානිකරගත් ජනප්‍රිය රංගන ශිල්පී දසුන් නිශාන් ද සිල්වා (29) සිය දිවි හානි කර ගැනීමට පෙර ලිපියක් ලියා තිබෙනවා.  “මගේ මරණයට කවුරුත් වගකියන්න ඕනෙ නැහැ. මගේ හිතේ තියන ආතතිය නිසා මම මේ දේ කරගන්නවා” යනුවෙන් එම ලිපියේ  සඳහන්ව තිබෙනවා. දසුන් ලියන ලද ලිපියේ අත්අකුරු ද ඔහුගේ මව විසින් හඳුනාගෙන තිබෙනවා.

දසුන් නිශාන් ගේ මරණය සම්බන්දයෙන්  දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල් උසාවියේ ඊයේ (26 වැනිදා) පැවැති හදිසි මරණ පරීක්‍ෂණයේදී සාක්‍ෂි දෙමින් දසුන් නිශාන් යන අයගේ මව ලලිතා ස්‌වර්ණා කුමාරි හේරත් (48) කියා  සිටියේ, “මියගියේ මගේ වැඩිමහල් පුතා. මට තව පුතෙක්‌ ඉන්නවා. පුතා රංගන ශිල්පියෙක්‌. අපේ ගෙවල් පිහිටා තිබෙන්නේ නිට්‌ටඹුව. පුතාගේ රංගන කටයුතුවල පහසුව පිණිස ඔහු පන්නිපිටියේ බෝඩිමක නැවතිලා සිටියා. පුතා විවාහ ගිවිසගෙන හිටියේ. ඒ දුව ජාත්‍යන්තර පාසලක ගුරුවරියක්‌. පුතා අපේ ගෙදරත් ඉන්නවා. දුවලගේ ගෙදරත් ඉන්නවා. පුතා මට දුරකථන මාර්ගයෙන් දවසක්‌ කිව්වා නිළියක්‌ එක්‌ක සම්බන්ධයක්‌ තියෙනවා කියලා. letter1විවාහ ගිවිසගෙන ඉන්න දුවගෙන් දික්‌කසාද වෙන්න ඕන කියලත් කිව්වා. මම ඒකට තදින්ම විරුද්ධ වුණා. ඒ නිසා පුතා සිත් තැවුලෙන් දිවි නහගන්න ඇති කියලා හිතනවා.”

රංගන ශිල්පී දසුන් විවාහ ගිවිසගෙන සිටි සංදීපනී රණතුංග (20) සාක්‍ෂි දෙමින් මෙසේ පැවසුවාය.

“දසුනුත් මාත් විවාහ ගිවිසගෙන හිටියේ. දෙපාර්ශ්වයේ කැමැත්තෙන් අපි විවාහ වුණේ. නිළියක්‌ මට නිතරම කෝල් කරලා කිව්වා දසුන් එක්‌ක එකට ජීවත් වෙනවා කියලා. මේ සිද්ධිය වූදා උදේ මට දසුන්ගේ යාළුවෙක්‌ කෝල් කරලා කිව්වා දසුන්ට කරදරයක්‌ කියලා, පස්‌සේ මම අර නිළියට කෝල් කරලා ඇහුවා දසුන්ට කරදරයක්‌ද කියලා. එතකොට එයා කිව්වා ඔව් මටත් ආරංචි වුණා එයා එල්ලිලා කියලා.dasun

ඔහු දිවි නසාගන්නා අවස්‌ථාව තම ජංගම දුරකථනය මගින් පටිගත කර තිබියදී හමුවූ බව ද පොලිසිය කියයි.

“කවුරුන්ද නුඹ මගේ”, “තිමිර ගිර”, “පැහැසරා” ඇතුළු ටෙලිනාට්‍ය 13 කට රංගනයෙන් දායක වී ඇති ඔහු ජනප්‍රිය ගීත රැසක වීඩියෝ දර්ශන සඳහා ද දායකත්වය දක්‌වා ඇත.

මේ පිළිබඳව පිළියන්දල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සාරානාත් සමරකෝන් මහතාගේ උපදෙස්‌ මත සුළු පැමිණිලි අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක උපුල් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීහු කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.