දැන් ඇත්තේ ඩිෆෙන්ඩර් සංස්කෘතියක්. – මහින්ද

mahinda5දැන් ඇත්තේ සුදු වෑන් නොව ඩිෆෙන්ඩර් සංස්‌කෘතියක්‌ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය.

පෙරේදා (23) නාගොඩ පිහිටි මෝටර් රථ සමාගමක නවීන මෝටර් රථ නිරීක්‍ෂණ චාරිකාවකට පැමිණි ඔහු මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එසේ කියා සිටියේය.

යහපාලනය හොඳදැයි කියා ජනතාවගෙන් විමසන ලෙස කී ඒ මහතා දැන් යහපාලනය එළිපිටම මිනිසුන්ට පෙනෙන බවත් ජනතාව බුද්ධිමත් බවත් කියා සිටියේය.

ඊළඟ පළාත් පාලන මැතිවරණයේදී තමා කටයුතු කරන්නේ එක්‌සත් ජාතික පක්‍ෂය පරාජය කිරීමට බවත් එය ලෙහෙසියෙන් කළ හැකි බවත් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

ලෝකයේ අනෙක්‌ රටවල විදුලියෙන් බැටරියෙන් වැඩ කරන මෝටර් රථවල බදු අඩු කරන අතර එය සාමාන්‍ය දෙයක්‌ බවත් කී හිටපු ජනාධිපතිවරයා නමුත් මෙහේ තියෙන්නේ එහි අනික්‌ පැත්ත බවත් කියා සිටියේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.