දැන් මේ රට ජීවත් වෙන්න සුදුසු තැනක් -ලැබූ නිදහස ගැන සරත් ෆොන්සේකා

 sssss
ජෙනරාල් සරත් ෆොන්සේකා කියා සිටින්නේ තමන්ට පාර්ලිමේන්තුවට යැමට හදිස්සියක් නැති බවයි.
සන්ඩේ ටයිම්ස් පුවත්පත් හැ කතා බහකට එක් වු සරත් ෆොන්සේකා කියා සිටීයේ ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා ඉල්ලා අස්වීමට කැමැත්ත පල කොට ඇති හෙයින් ඒ පිළිබඳව තමන් කතා කරගෙන යන නමුත් තමන්ට පාර්ලිමේන්තු යෑමට හදිස්සියක් නැති හෙයින් අවශ්‍ය වෙතොත් තමන්ට මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දිය හැකි බවයි.
අනාගත භූමිකාව :‘ මම හමුදා  කටයුතු වලට අයෙමත් මැදිහත් වෙන්නේ නැහැ.මම දැන් හිතන්නේ දේශපාලන භූමිකාවක් ගැන.මම දැන් ඉන්නේ ප්‍රජාතන්ත්‍රවැදී ප්‍රවාහයේ.හැබයි දේශපාලනයේ කොටසක් හැටියට හමුදාව තමන්ගේ රාජකාරිය නිසියාකරව ඉටු කරනවාද කියා  හොයා බලන්න වෙනවා. අපිට අට ලක්ෂයක් විතර ඡන්ද පදනමක් තියෙනවා.රට පුරාම තරඟ කරනවා.උතුරේ සහ නැගෙනහිර සංවිධාන ශක්තිය ගොඩනගා ගත යුතුයි.
දේශපාලනය: දුෂණයට සහඒකාධිපති පාලනයට එරහි වීම අපේ ප්‍රධාන තේමාවයි.ප්‍රධාන පක්ෂ ප්‍රතිපත්ති ගරුක නැහැ හැබැයි ජාතික හෙළ උරුමය සහ ජනතා විමුක්ති පෙරමුණ වගේ පොඩි පක්ෂ ප්‍රතිපත්ති  ගරුකයි.
අළුත ලැබූ නිදහස ගැන: රට ලැබූ නිදහසත් එක්ක බලන කොට මම ලැබූ නිදහස පොඩි දෙයක්. මිනිස්සු ඉන්නේ සතුටින් අඩු ගානේ මුනේ හිනාවක් තියෙනවා.මාත් එයින් එක් කෙනෙක් අපිට හුගාක් දේවල් නැති වෙලා තියෙනවා.ඒවා එකිනෙක දිනාගන්න ඕනේ.මම එදා 2012 දී හිර ගෙදරින් එලියට එනකොට මම රාජපක්ෂට කිව්වා 2015 මම ඔබව
ගෙදර යවනවා කියලා.මම ඒ ඉලක්කය ජය ගත්තා.ඔහු හිටියා නම් මේ රට විනාශ වෙනවා.මේක අපිට ජීවත් වීමට නුසුදුසු රටක් වෙනවා.දැන් මේක ජීවත්වීමට සුදුසු රටක්.
Sri-Lankan-president-Mahi-001
කේ පී කරුණා සහ  රාජපක්ෂ:කේ.පී හෙවත් කුමරන් ප්ද්මනාදන් නීතිය ඉදිරියට ගෙන්න ඕනේ.කරුනාටත් තමන් කරපු දේවල් උතර දෙන්න වේවි.ඒ වගේම රාජපක්ෂ සහෝදරවරු ඇතුළු තවත්  බොහේ දෙනෙකුට රටට වග කියන්න වේවි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.