දිනුවොත් ලසන්ත හා එක්නැලිගොඩ සිද්ධීන්වලට වගකිව යුත්තන් සොයනවා.- ගම්මන්පිල

gammanpila

වත්මන් ආණ්ඩුව බලයට පැමිණි පසු ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම පිළිබඳව ස්වාධීන කොමිසමක් මඟින් පරීක්ෂණ පවත්වා වැරදිකරුවන් අත්අඩංගුවට ගන්නට කටයුතු කරාවි ඇයි තමන් අපේක්ෂා කළ මුත් එය එසේ නොවූ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ ය.

ගම්මන්පිල මහතා මේ අදහස් පළ කළේ අද (21) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ලසන්ත හා එක්නැලිගොඩ සිදුවීම් පිළිබඳ පරීක්ෂණ සිදු නොවීම හරහා ඒවාට සම්බන්ධ පුද්ගලයින් “යමපාලනයට” එකතු වී ඇත්දැ යි සැක පහලවන බව ද කියා සිටි ගම්මන්පිල මහතා මාධ්‍යෙව්දීන් හමුවේ පොරොන්දුවක් දෙමින් ප්‍රකාශ කර සිටියේ “අපේ ආණ්ඩුවක් යටතේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීම පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට ස්වාධීන කොමිසන් සභා පත්කරනවා” යනුවෙනි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.