දිනේෂ් අවසර දුන් සයිටම් ආණ්ඩුවට

dinesh-gunawardenaමාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ඉදිරියේදි ඩෙංගු රෝහලක් බවට ඉදිරියේදි පත් කරන බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමති, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදි පෙරේදා (23) ප්‍රකාශ කළේය. මුලින්ම නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නා බවත් ඉන් පසු එම රෝහල ඩෙංගු රෝහලක් නම් කර අවශ්‍ය පහසුකම් ලබා දෙන බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය. සයිටම් ආයතනය ගැසට් කිරිමේ නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ දිනේෂ් ගුණවර්ධන මහතා බව පැවසු ඇමතිවරයා ඉකුත් රජය මෙය හදන්න මිලියන 600 ක ණයක් ලබා දි ඇති බවද පැවසීය. සරසවි සිසුන්ට එල්ල කළ ප්‍රහාරය පිළිබඳව පැවැති සභාව කල් තැබිමේ විවාදයට එක් වෙමින් ඇමතිවරයා මේ බව කීවේය.

ජවිපෙ යකඩ පොළු
සරසවි සිසුන් සෞඛ්‍ය අමාත්‍යාංශයට සරසවි සිසුන් පැමිණියේ යකඩ පොලූ රැගෙන බවද ඇමතිවරයා සඳයහන් කළේය.
ඊට පිළිතුරු දුන් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා සිසුන් එදින යකඩ පොලූ රැගෙන පැමිණියේ නැති නමුත් ඉදිරියේදි සයිටම් අහෝසි කිරිම වෙනුවෙන් යකඩ පොලූ ගන්න ඉඩ තිබෙන බවද ප්‍රකාශ කළේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.