දින සීයේ වැඩ පිළිවෙලට සහය ගන්නේ කප්පම් දීමෙන්ද?

victor
.

 

හිටපු අමාත්‍යවරුන්ට, නියෝජ්‍ය අමාත්‍යවරුන්ට හා මන්ත‍්‍රීවරුන්ට නිල වාහන ලබාදීමට වත්මන් රජයේ ජනාධිපතිවරයා ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව ඒ සම්බන්ධයෙන් සියලූම අමාත්‍යාංශ ලේකම්වරුන් දැනුවත් කිරීම සඳහා ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා යවන ලද ලිපියකින් තහවුරු වෙයි.

 

රජයේ දින සියයේ වැඩසටහන ඵලදායීව කඩිනමින් ක‍්‍රියාත්මක කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බැවින් එම කාර්යයන් අධීක්ෂණය කිරීමට සහායදීමට කැමති මැති ඇමති හා නියෝජ්‍ය ඇමතිවරුන්ට මෙම නිල වාහන හිමිවේ. ඒ අනුව හිටපු ඇමතිවරයකුට නිල වාහන දෙකක් බැගින් හා මන්ත‍්‍රීවරුන්ට එක් නිල වාහනයක් බැගින් හිමිවේ. රියදුරන් හා ඉන්ධන පහසුකමද ඔවුන් ලබන අධීක්ෂණය කරනු ලබන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයෙන් ප‍්‍රදානය කෙරෙයි. එමෙන්ම එවකට පැවති ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් වෙන්කර දුන් වාහනයක් කවර හෝ මන්ත‍්‍රීවරයකුට වෙන්කරදී ඇත්නම් එම වාහනයද මෙම නව වැඩපිළිවෙළ යටතේ වෙන් කරදුන් වාහනයක් ලෙස සැලකිය යුතු බවටද ජනාධිපති ලේකම්වරයා විසින් යවන ලද ලිපියේ සඳහන්ය. ජනාධිපති ලේකම්වරයාගේ ලිපියට අනුව අධීක්ෂණ මන්ත‍්‍රීවරයකු සඳහා නියෝජ්‍ය ඇමතිවරයකුට අදාළ ඉන්ධන ප‍්‍රමාණය ලබාදිය යුතුවෙයි. ජනමාධ්‍ය අමාත්‍යාංශය හා පාර්ලිමේන්තු  කටයුතු අමාත්‍යාංශයෙන්ද අධීක් ෂණ මන්ත‍්‍රීවරුන්ට වාහන ලබාදීමට නියමිතය

 

මේ පිළිබඳව කරුණු දක්වන මධ්‍යවේදී වික්ටර් අයිවන් කියා සිටින්නේ ජනාධිපතිවරණය ජයගෙන ජනාධිපති ක‍්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තුවට බලය පවරන වැඩපිළිවෙළකට ශ‍්‍රීලනිපයේ මන්ත‍්‍රීවරුන් එක පොදියට සහාය ඇතිය යන උප කල්පනය සැබෑවක් නොවන බවයි.

 

 

maxresdefault

 

 

වික්ටර් වැඩි දුරටත්

ජනාධිපති මෛත‍්‍රී පක්ෂ නායකයා වීමෙන් පසු දින 100 ප‍්‍රතිසංස්කරණ වැඩසටහනට තමන් පූර්ණ සහාය ලබාදෙන බව ශ‍්‍රීලනිපයේ විවිධ නායකයන් ප‍්‍රකාශ කර ඇතත්, ශ‍්‍රීලනිපයේ මන්ත‍්‍රීවරුන් මුළුමනින් පාලනය කළ හැකි තත්ත්වයක් තවමත් ජනාධිපති මෛත‍්‍රී හිමිකරගෙන තිබෙන බවක් පෙනෙන්නට නැත. ඇමති ජෝන් අමරතුංගගේ විශ්වාසභංග යෝජනාවට අත්සන් කර ඇති සංඛ්‍යාව 114කි. අතුරු අයවැයේදීද ඡුන්දය පාවිච්චි නොකළ පිරිසක් සිටියෝය. පාර්ලිමේන්තුවේද මුහුණට මුහුණලා කෙරෙන විවෘත සංග‍්‍රාමයක් නැතත්, සැඟවී කෙරෙන ගරිල්ලා යුද්ධයක් තිබෙන බව ඉතා පැහැදිලිය.

අවුල ලිහාගැනීම

. ජයග‍්‍රාහකයා දැනටමත්  අවලස්සන තැනකට තල්ලූවී යමින් සිටින බවද පෙනෙන්නට තිබේ. හිටපු ඇමතිවරුන්ට නියෝජ්‍ය ඇමතිවරුන්ට හා අධීක්ෂණ මන්ත‍්‍රීවරුන් 130කට වැඩි පිරිසකට ඉන්ධන හා රියදුරන් සමග වාහන දෙක බැගින් දෙන්නට ඇත්තේ ඔවුන්ගේ පක්ෂපාතීත්වය දිනාගැනීමේ අරමුණින් විය යුතුය. ඉන් පෙනෙන්නේ සීමිත ප‍්‍රතිසංස්කරණ වැඩසටහනේ නිර්මාතෘවරුන්ගේ තක්සේරුව නිවැරදි නොවන බවය. ඔවුන්ගේ අපේක්ෂාව වී තිබුණේ ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කිරීමෙන් පසු ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන වැඩසටහනට ඒ සියලූදෙනා සහයෝගය දෙනු ඇති බවය. දැන් ඒ සහාය ලබාගැනීමට සිදුවී තිබෙන්නේ කප්පම් ලබාදීමෙන් නම් එම ප‍්‍රතිසංස්කරණ වැඩසටහන සැලකිය හැක්කේ දූෂිත ප‍්‍රතිසංස්කරණ වැඩසටහනක් ලෙසය. අල්ලස් ගෙවා සම්බන්ධ කරගන්නා ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණයක් යහපත් ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණයක් විය හැක්කේ කෙසේද? ප‍්‍රතිසංස්කරණ සඳහා කප්පම් ගෙවන ක‍්‍රමයක් සමස්ත ප‍්‍රතිසංස්කරණ වැඩසටහනට විකටරූපී අවලස්සන පෙනුමක් ලබාදෙන්නට හේතුවී ජයග‍්‍රාහකයා කෙරෙහි වන මහජන විශ්වාසයද පළුදු කිරීමට හේතුවන සාධකයක් ලෙස ක‍්‍රියාකරනු ඇත

 

Former ministers to be provided with vehicles

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.