දින 100 ත් ඉවරයි දුෂිතයොත් බේරෙයි-විජිත හේරත්

 

 

images (34)

 

රාජපක්ෂ පවුල සහ ඔවුන්ගේ ගජ මිතුරන් සම්බන්ධයෙන් කළ පැමිණිලි විමර්ශනය කිරීමේ ප්‍රමාදයක් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (20)   මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.

‘දූෂණ වංචා සෙවීම සම්බන්ධව ආණ්ඩුව හරියට පමා කරනවා . ජනවාරි අට වැනි දා ජනාධිපතිවරණය අවසන් වුණා. ඒ එක්කම පසුගිය   පාලනය යටතේ රාජපක්ෂ පවුල සහ ඔහු වටා සිටි ගජ මිතුරු කණ්ඩායම රාජ්‍ය දේපොළ රාජ්‍ය සම්පත් අයථා ලෙස භාවිත කළ බවට විශාල චෝදනාවක් ආවා.‘

‘ජනතා විමුක්ති පෙරමුණ විදියට එම දූෂණ ගැන විවේචන එල්ල කළා. ජනාධිපතිවරණය අවසන් වුණු විගසම ජනවාරි 13 වැනි දා අපි රාජපක්ෂ පාලනයේ දූෂණ වංචා ගැන ලිඛිත සාක්කි සමඟ පැමිණිලි කළා. මහින්ද රාජපක්ෂ, ගේඨාභය රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, සජින් වාස් ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන ඇතුළු පිරිසකට එරෙහිව අපි පැමිණිලි කළා. ‘

‘විමර්ශන පවත්වන පිරිස අපේ පැත්තෙන් කරුණු විමසුවත් ඔවුන්ගේ පැත්තෙන් විමර්ශන අරඹා තිබුණේ නෑ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පිරිස් පැමිණිලි කළා. දින සියයයෙන් දින පනහකටත් ළං වෙන්න ආවා. නමුත් අදාළ පරීක්ෂණ තවම පවත්වා නෑ.

යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවේ අනිත් නිලධාරීන්ට නැති වරප්‍රසාද භුක්ති වින්දා. ඡන්දය අවසන් වුණු ගමන් ජනවාරි නව වැනි දා පාන්දර වෙනකොට ඔහු නාවික හමුදාවෙන් අස් කර ගැනීමෙ ලිපි බාර දෙනවා. ඔහුට මාස තුනක නිවාඩුවක් අනුමත කරනවා. ඔහුට අනිත් අයට නැති වරප්‍රසාද ලැබුණේ කොහොමද කියා පරීක්ෂණ කරන ලෙස ඉල්ලමින් ආරක්ෂක ලේකම්ට ජවිපෙ ලිඛිතව පැමිණිලි කළා. ඉක්මනින් අපි කමිටුවක් පත්කර විභාග කරන බව කිව්වා.

ඒ ගැන පරීක්ෂණ කරන්න කමිටුව පත් කරලා තියෙන්දි ‘යෝ බබා‘ රට යනවා. කවුද ඔහුට රටෙන් බැහැර දෙන්න ඉඩ දෙන්නේ. එක දවසක්වත් ඔහු කමිටුවට කැඳවා තිබුණේ නෑ.

බැසිල් රාජපක්ෂ ඡන්දෙ ඉවරවුණු ගමන් ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස්වලට රට පැන්නා.

 

wrong doers protected by ruling party-jvp

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.