දිල්රුක්ෂි අල්ලස් ‍කොමිසමේ නව අධ්‍යක්ෂ ජනරාල්

අල්ලස් කොමිසමේ ලොකු පුටුව වික්‍රමසිංහ මහත්මියට

අල්ලස් ‍හෝ දූෂණ විමර්ශන කොමිසමේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය පත්කර තිබේ.

මීට පෙර අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළේ ගනේෂ් ධර්මවර්ධන මහතායි.

දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට අදාළ පත්වීම් ලිපිය අද පෙරවරුවේ ජනපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් ලබා දුනි.

හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා අධිකරණ අමාත්‍යංශයට මාරුකර තිබේ. අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම පසුගිය කාලයේ කටයුතු කළ ආකාරය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවට නව රජයේ ප්‍රධානීන් පසුගිය දිනවල විවිධ අවස්ථාවලදී ප්‍රකාශ කර තිබුණි.

දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය පැවැති මහින්ද රාජපක්ෂ රජයේ දී අතිරේක සොලිස්ටර් ජනරාල් ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු කළාය.

1987 වසරේදී නීතිපති දෙපාර්තමේන්තුව සමග සම්බන්ධ වන ඇය ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරියක ලෙසද කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා ආණ්ඩුව නියෝජනය කරමින් අනුශාසක සහ උපදේශක ධූරයන්ද හොබවා ඇති එම මහත්මිය නීතිපති දෙපාර්තමේන්තුවේ civil division හී ද සිය රාජකාරී සිදු කළේය.

ලංකාව පුරා ඇති අභියාචනාධිකරණ කටයුතු සමග සම්බන්ධව කටයුතු කර ඇති එම මහත්මියට වසර 28 ක සේවා කාලයක පළ පුරුද්දක් ඇත්තේය.

තොරතුරු තාක්ෂණ නීතිය සහ විදුලි සංදේශන නියාමන නීති, රේගු කටයුතු, බුද්ධිමය හා දේපළ මෙන්ම වෛද්‍ය විද්‍යාව පිළිබඳ යන අංශයන් කෙරෙහි ප්‍රවීණතා සහිත කීර්තිමත් නාමයක් ඇයට ඇත. එම මහත්මිය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ද ප්‍රධාන නීති නිළධාරිනිය ලෙසද කටයුතු කර තිබේ.

දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය කොළඹ විශාකා විද්‍යාලයේ ආදීශිෂ්‍යාවකි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.