දිල්රුක්ෂි කතා කරයි

Dilrukshi Dias Wickramasingheජනාධිපතිවරයාගේ ප්‍රකාශය තමන්ගේ ඉල්ලා අස්වීමට සෘජුවම හේතු වූ බව අල්ලස් හා වංචා දුෂණ කොමිසමේ අධ්‍යක්ෂ වරිය ලෙස කටයුතුකළ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය කියා සිටි. රටේ ප්‍රථම පුරවැසියා තමාගේ කාර්යය සහ ස්වාධින කොමිෂන් සභාවේ වැඩකටයුතු පිළිබඳව සැක සංකා පළකිරීමෙන් අනතුරුව තමන් තව දුරටත් එම තනතුරේ රැඳී සිටිම සාධාරණ නොවුන හෙයින් තමන් පිටු හතරක දීර්ඝ ඉල්ලා අස්වීමේ ලිපියක් ලියා ඉල්ලා අස්වූ බවයි ඇය කියා සිටින්නේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බැංකු ගිණුමක් සම්බන්ධව තොරතුරු ඔහු වෙත ලබා දුන් බවට රාජිත සේනාරත්න ඇමතිවරයා කරන ප්‍රකාශය නිවට බියගුළු එකක්සේයි ඇය කියා සිටී. කිසිදු අවස්ථාවක තමන් බැංකු ගිණුමක් සම්බන්ධව හිටපු ජනාධිපතිවරයාට කතා නොකළ බව ඇය කියා සිටින්නීය. එසේම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් සම්බන්ධව නැගෙන චෝදනා ඇය යටපත්කල බවටද කරන ප්‍රකාශ ඇය හෙලා දකින්නීය.

ඇය පෙන්වාදෙන අන්දමටත් මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ වැඩ කටයුතු සම්බන්ධයෙන් විමර්ශන සිදුවෙමින් පවතී. තව දුරටත් ඇය කියා සිටින්නේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ විමසීම සඳහා ඔහු කිහිප වතාවක්ම කොමිසම වෙත කැඳවූ බවත් මේ වන විටත් ඒ පිලිබඳ පරීක්ෂණ පවත්වාගෙන යන බවයි.

ඇගේ සේවා කාලය තුලදී සේවකයින්ට අමානුෂික ලෙස සැලකූ යේ යන චෝදනාව සම්බන්ධයෙන් විමසූ විට ඇය කියා සිටින්නේ තමන් තද පරිපාලකයෙක් බව තමන් පිළිගන්නා නමුත් වෙබ් අඩවියකින් කියා තිබුන පරිදී පිළිකා රෝගයකින් පීඩා විඳින නිලධාරිනියකට නිවාඩු ප්‍රතික්ෂේප කළාය යන චෝදනාව ඇය පිළිගන්නේ නැත. ඇත්ත වශයෙන්ම මෙම නිලධාරිනියට වහාම නිවාඩු ලබා දීමට තමන් කටයුතු කල බවයි ඇය කියා සිටින්නේ.

මේ රටේ දුෂණය 100%ක්ම තුරන් කල හැක යන විශ්වාසය ඇතුව තමන් කාර්යයට එළබී බවත් මාස 10ක් තුල නඩු 87ක් ගොනු කිරීමට තමන්ට හැකිවූ බවට ඇය පවසන්නීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.