දිල්හානි අශෝකමාලා ගේ පුතා ඇයව දේශපාලනීකරණය කල හැටි

 

Dilhanibbb (1)

 

දිල්හානි අශෝකමාලා බොහෝ දෙනා හඳුනන්නේ සුරුපී  නිළියක් ලෙසයි එහෙත් පුරවැසි බලය අමතමින් ඇය ඉතා සංවේදී ලෙස කියා සිටීයේ තම පුතු තමාවදේශපාලනීකරණය වූ ආකාරයයි.

 

 

මෙහිදී අදහස් දැක්වූ දිල්හානි අශෝකමාලා :.

 “මගේ ජීවිතේ කවදාවත් නොකරපු දෙයක් මම අද කරනවා..ඇත්තටම මේ මාසයක් ඇතුලත මගේ සිතුවිලි මම සිතන විදිය හුඟක් වෙනස් උනා. එකට මුලික වුන හේතුවක් මට මෑත කාලයේ දකින්න ලැබුනා. ඒ එක දවසක් මම බොරැල්ලේ යනකොට එකතැනක උද තියනවා. ඒවාට කියන්නේ ලම්බෝගිනි කාර් කියලා.. එතන යට පොඩි පෙට්ටි කඩයක දුප්පත් කම්කරුවෝ ටිකක් බනිස් කාල ප්ලේන්ටි බොනවා..

දැන් මේක මමයි මගේ පුතයි තමයි දැක්කේ..මට එච්චර එක ඔලුවට ආවේ නෑ..එත් මගේ දරුවා කියනවා..” අම්ම උඩ ලම්බෝගිනි යට කුසගිනි..මම පුදුම උනා මේ පොඩි එක මේ ටිකට මෙහෙම කිව්වේ කියලා..එදා ඉදල මම හිතන්න පුරුදු උනා.. මම කලාකාරියක් හැටියට කලාව කරගෙන ගෙදර වැඩ කරගෙන දේශපලානය ගැන හොයන්න නැතුව හිටි හරිම අක්‍රිය චරිතයක්..ඊට පස්සේ මම යම් කිසි ප්‍රමාණයකට මේ දේවල් තුලින් සක්‍රිය වෙන්න පටන් ගත්ත මොකද මම මේ රටට උදේ හවස වඳින කෙනෙක්..මම හිතුව මම මේ මොහාතේදී නිහඬ වෙන්න ඕන නෑ කියලා..”

 

 

[vsw id=”/YBnvzqiWggE” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

“ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කළාකරුවන්” සංවිධානයේ මාධ්‍ය හමුවක් අද (16)කොට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී පැවැත්විනි.

එම අවස්ථාවට කලාකරුවන් රැසක් සහභාගී වූ අතර එහිදී එම සංවිධානය විසින් ඉදිරි ජනපතිවරණයේදී සිය සහය විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලබාදෙන බව නිල වශයෙන් දැනුම්දෙන ලදී.

මෙම මාධ්‍ය හමුව සඳහා දිල්හානි අශෝකමාලා, ප්‍රසන්න විතානගේ, දමයන්ති ෆොන්සේකා, සමනලී ෆොන්සේකා, පරාක්‍රම නිරිඇල්ල, ගාමිණි වියන්ගොඩ, ධර්මසිරි බණ්ඩාරනායක, රජීව් සෙබෙස්තියන්, විමුක්ති ජයසුන්දර, W.D ආරියසිංහ ඇතුළු කලාකරුවන් රැසක් සහභාගී වී සිටියහ.

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.