දිවි ඇති තෙක් ආණ්ඩුවේ විභාග බැහැ – ඒත් සඳුදා විභාග ශාලාවේ

examඅපොස උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය පිට කළැයි කියන සිද්ධියට අදාළ සිසුවාට ජීවීතාන්තය දක්වා විභාග තහනමක් පැනවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

මෙම සිසුවාගේ නීතීඥයින් කළ ඉල්ලීමක් සළකා බැලූ ගම්පහ මහේස්ත‍්‍රාත් ඞී ඒ රුවන් පතිරණ නියෝග කළේ සැකකාර සිසුවා රඳවා සිටින මහර බන්ධනාගායේදී ලබන 04දා පැවැත්වෙන උසස් පෙළ ප්‍රශ්න පත්‍රයට පෙනීසිටීමට අවස්ථාව දෙන ලෙසයි.

සාමාන්‍යයෙන් විද්යුත් උපකරණ ළඟ තබා ගනිමින් පෙනී සිට හසුවන අයදුම්කරුවන්ට පැනවෙන දඬුවම පස්‌ වසරක විභාග තහනමක්‌ වුවද මෙම ශිෂ්‍යයාගේ ක්‍රියාව බරපතළ හෙයින් ඔහුට ජීවිත කාලය පුරාවට විභාග තහනමක්‌ පැනවීමට තීරණය කළ බවයි විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ඡේ. පුෂ්පකුමාර මහතා පවසන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.