දිවුලපිටිය ප්‍රා. ලේකම්ට රන්ජන් ගෙන් ෂොට් එකක්…………..

ranjan-ramanayakeදිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය සිදුකර ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඊයේ  (03) අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. මේ සම්බන්ධයෙන් ලිඛිත සාක්කි සහිත ලිපිගොනුවක් ද ඉදිරිපත් කළ බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතා ගත් පියවර දැඩි වාග් ප්‍රහාරයක ස්වරූපයක් ගත් නමුත් ඔහුගේ ප්‍රශ්න කිරීම සාධාරණ බවයි ඔහු වෙනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වන පීරිස කියා සිටින්නේ.

මේ අතරවාරේ රන්ජන් එක්සත් ජාතික පක්ෂයේ නායකයෙක් ලෙස ඉදිරියට පැමිණීම පිළිබඳව අසතුටට පත්ව සිටින පිරිස් ඔහුගේ කකුලෙන් ඇදීමේ පියවරක් ලෙසින් ඔහුට එරෙහි විමර්ශනයක් ආරම්භ කළ යුතු බව කියා සිටිති. දිවුලපිටිය අකරගම පස් කැපීමට අදාළව ලබාදුන් බලපත්‍ර දෙකක් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය විසින් අත්හිටුවා ඇති අතර වැරදිකරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගතයුතු බව මානව හිමිකම්සංවිධාන පවසති.
.පියවර ප්‍රමාණවත් නැත

සිද්ධිය සම්බන්ධයෙන් නිසි පරිදි කටයුතු නොකළ බව පැවැසෙන භූ විද්‍යා හා පතල් කැණීම කාර්යාංශයේ ගම්පහ කාර්යාලයේ ඉංජිනේරුවරයා කලුතරට මාරු කර ඇති නමුත් එය ප්‍රමාණවත් පියවරක් නොවන බවයි මානව හිමිකම් ක්‍රියාධරයින් පවසන්නේ.
මධ්‍යම පරිසර අධිකාරිය හා භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය විසින් සකස් කළ වාර්තාව අනුව පරිසර හානියක් සිදුවී ඇති බව නිළ වශයෙන් සනාථ වී ඇත.

මෙසේ අවලංගු කර ඇති එක් බලපත්‍රයක හිමිකරු වන්නේ දිවුලපිටිය එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ඉන්දික අනුරුද්ධයි.
මහින්ද රාජපක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාද රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ගේ ක්‍රියාකලාපය දෝෂ දර්ශනයට ලක් කොට ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.