දීර්ඝ කාලයක් හමුදාවේ සිටි ලොක්කන්ට සම්මාන!

armyත්‍රිවිද හමුදාවලට අයත් නිත්‍ය බලසේනාවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සේවයට උපහාර වශයෙන් පිරිනැමෙන විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම් ප්‍රදානය පෙරේදා (19) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණි.

වසර 25 කට වඩා සේවයේ නියුතු වූ යුද හමුදාවේ ලුතිනන් කර්නල් සහ ඊට ඉහළ නිලයක් දරණ හමුදා නිලධාරීන්ට හා ගුවන් හා නාවික හමුදාවේ ඒ හා සමාන නිලයක සිටින නිලධාරීන්ට මෙම සම්මානය ප්‍රදානය කෙරේ.

යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති යන මහත්වරුන්ට ජනාධිපතිතුමා අතින් ප්‍රථමයෙන් පදක්කම් ප්‍රදානය කෙරුණි.

රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුථ ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි වූහ.

( ඡායාරූප : සුදත් සිල්වා)

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.