දුම්රිය මගීන් අමාරුවේ

railwayතම ඉල්ලීම් ලැබෙන තුරු වැඩ වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බව ලොකොමෝටිව් ඔපරේටිං ඉංජිනියර්ස් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසයි.

දුම්රිය රියදුරු සහායකවරුන් බඳවා ගැනීමේ පටිපාටිය සංශෝධනය කරන ලෙස බල කරමින් දුම්රිය රියදුරෝ පෙරේදා (11) පස්වරුවේ සිට වැඩවර්ජනයක් ආරම්භ කළහ.

මේ අතර ඊයේ (12) පෙරවරුවේ පොල්ගහවෙල, මහනුවර, හලාවත , මහව, ගාල්ල, පාදුක්ක, කොස්ගම සිට දුම්රිය 8ක් පමණ කොළඹට ළඟාවූ බවත් කොටුවේ සිට පානදුර දක්වා දුම්රියක් ධාවනය කළ බවත් දුම්රිය පාලක කාර්යාලය පවසයි.

සංවාදයෙන් බේරා ගත හැකි වූ මේ අර්බුදය අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා ගෙන යෑම අසාධාරණ බව ආණ්ඩුව කියා සිටී.

මේ නිසා තරමක සැර බෙහෙතක් දී රෝග නිවාරණයට ය යුතු බවට මතයක් පළ වෙමින් පවතී.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.