දුම්වැටි නිවාරණ විහිළුව ආරම්භවේ

no-smoking

 

නිරෝගිමත් දරු පරපුරක් හා වැඩිහිටි පරපුරක් බිහිකිරීමේ උතුම් අරමුණින් අද (31) සිට ජුනි 06දා දක්වා දුම්වැටි නිවාරණ සතියක් රජය මගින් ප්‍රකාශයට පත් කොට ඇත.

දුම්වැටී නිවාරණ සතිය ආරම්භ වීමත් සමග මතුවෙන ප්‍රශ්නය නම් ආණ්ඩුව දුම්වැටී නිපදවීම තහනම් නොකරන්නේ මන්ද යන්නයි.දුම්වැටි බදු අය කරන ආණ්ඩුවක් දුම්වැටි විරෝධී සතියක් පැවැත්වීම විහිළුවකි.ශ්‍රී ලංකාවේ දුම්වැටි නිෂ්පාදනය තහනම් කළහොත් රටේ කාන්තාවන් බහුතරය එම තීරණය ගත ආණ්ඩුවට  ඡන්දය දෙනු ඇත.

මෙම සතියක කාලය පුරාවට විවිධ වූ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා බුද්ධ ශාසන අමාත්‍යංශය විසින්  ප්‍රාදේශීය ශාසනාරක්ෂණ මණ්ඩලවලින් හා ප්‍රා‍දේශීය ලේකම්වරුන්ගෙන් ඉල්ලීමක් සිදු කොට ඇත.
ඒ යටතේ මෙම සතිය පුරා ශාසනාරක්ෂක බලමණ්ඩල, විහාරස්ථාන හා දහම් පාසල් මගින් දුම්වැටි නිවාරණය ක්‍රියාත්මක කිරීම, විහාරස්ථාන හා පිරිවෙන් ඉදිරිපිට දුම්පානය පිළිබඳ රූපමය අවවාද ඇතුළත් පුවරු සවිකිරීම, මෙම කාලය තුළ ස්ව කැමැත්තෙන් දුම්වැටි අළෙවි කිරීමෙන් වලකින ලෙස භික්ෂූන් වහන්සේලා හා දහම් පාසල් දරුවන් විසින් වෙළෙඳසැල් හිමියන්ගෙන් කාරුණික ව ඉල්ලීම් සිදු කිරීම, දුම්වැටි විරෝධී චිත්‍ර, පෝස්ටර් තරග දරුවන් අතර  පැවැත්වීම, කථික තරග පැවැත්වීම, දුම්පානයේ ආදීන ව පිළිබඳ ව දේශන හා වැඩමුළු පැවැත්වීම සිදු කෙරේ.මේ සියළු දේ කරමින් වාර්ෂිකව රුපියල් කෝටි ගණනක් වය කරනවාට වඩා දුම් වැටී නිෂ්පාදනය තහනම් කිරීම පිළබඳව සිතා බැලීමට කාලය එළඹ ඇත.මේ යෝජනාවට මුලින්ම අත උස්සන්නේ දුම් බොන්නන්නය.දුම් බීමට ඇබ්බැහිවීමේ වේදනාව ඔවුන් දනිති.

දුම්වැටි නිවාරණ සතිය අද සිට

 

ඔබත් දුම් පානය කරන්නෙක්ද?

පරීක්ෂණ වලට අනුව සිගරට් හා සිගරට් දුමෙහි රසායනික ද්‍රව්‍යය 4,800 අඩංගු වන බවත් ඉන් ද්‍රව්‍යය 69 ක් පිළිකා සඳහා හේතුකාරක වන බවත් සොයාගෙන ඇත. (මේ බව CDC’s National Center for Chronic Disease Prevention and Health Promotion මඟින් සනාථ කරල තියනවා)

සිගරට් හා සිගරට් දුමෙහි අන්තර්ගත ද්‍රව්‍යය

Formaldehyde – මිනී එම්බාම් කරන්න එහෙම ගන්නවා

Ammonia – වැසිකිළි පිරිසිදුකාරකයක්

 

 

 

 

 

 

Acetone – නිය ආලේපන ඉවත් කරන්න ගන්නවා

Tar. Nicotine – මත් ද්‍රව්‍යයක් (කෘමිනාශකවල එහෙමත් තියනවා)

Carbon monoxide- වාහන දුමෙහි අන්තර්ගත වෙනව.වැඩිපුර ආඝ්‍රාණය මඟින් මරණයට පත්වේ

Arsenic – මී පාසානම් වල අඩංගු වෙනව

Hydrogen cyanide- මරණය ලඟාකර දෙන විශ වායුවක්

Benzene – පෙට්‍රල්වල ඇලෙන අන්තර්ගතය

Cadmium – බැටරි හදන්න ගන්නවා

Staric- acid -ඉටි

Butane – lighters වල අඩංගු වෙනව

Methanol – රොකට් ඉන්ධන

Acetic acid – විනාකිරි

Chromium – යකඩ හදන්න ගන්නවා

Lead – බැටරි හදන්න ගන්නවා

Toluene – අධික විකිරණශීලී පිළිකාකාරකයක්

ඔබ දන්නවාද?

සිගරට් වලට රසයක් එකතු කිරීම සඳහා යූරියා යොදාගනී.

දිනකට සිගරට් පැකට්ටුවක් භාවිතා කරන්නෙකුට, අවුරුදු 10කට වතාවක් දත් 2ක් අහිමිවීමේ හැකියාවක් පවතී.

දුම් පානය කරන පුද්ගලයකුගේ මුහුණ දුම පානය නොකරන පුද්ගලයකුට වඩා 10 ගුණයකින් රැළි වැටීම සිදුවේ.

දුම් පානය හේතුවෙන් සෑම තත්පර 8 කට වරක් පුද්ගලයෙක් මරණයට පත්වේ.

දුම පානය හේතුවෙන් මරණයට පත්වන පුද්ගලයන්ගෙන් 39%ක් කාන්තාවන් වන අතර 61% පුරුශයන් වේ.

සෑම දුම් පානය කරන පුද්ගලයින් තිදෙනකුගෙන්, එක් කෙනක් දුම් පානය ආශ්‍රිත රෝග වලට ගොදුරුව මිය යයි.

නවතම සොයාගැනීම් අනුව සාමාන්‍යය ලෙස දුම් පානය කරන්නකු හට තම ජීවිත කාලයෙන් අවුරුදු 14ක කාලයක් අහිමි වෙයි.

දුම් පානය කරන්නන් අසල ගැවසෙන පුද්ගලයන් හට, දුම් පානයකරන්නන් මෙන් 13 ගුණයකට වඩා වැඩි ප්‍රමාණයක් සිගරට් දුම ශරීරගත වෙයි. එමඟින් ඔවුන්ට කැස්ස,සෙම් රෝග,හදවත් රෝග හා පෙනහලු ආබාධ ඇතිවේ.

දුම් පානය කරන්නන් හට වැළදෙන සමහර රෝග කීපයක් නම්……….

–>දත්, ඇඟිලි, හිස කෙස් දුර්වර්ණ වීම, සම රැලි වැටීම, වයසට වඩා මුහුකුරායාම.
–>සෙම් රෝග, බ්රොන්කයිටිස්, ඇදුම.
–>ස්නායු ආබාධ.
–>මල බද්ධය, පාචනය, මහබඩවැල ඉදිමීම.
–>හිසරදය, ඔක්කාරය, වළිප්පුව.
–>(insomnia) නින්ද නොයාම, මානසික ආතතිය.
–>හෘද රෝග, රුධිර නාල ඉදිමීම.
–>ස්වසන රෝග.
–>සන්ධි ඉදිමීම.
–> (gastritis) ආමාශගත රෝග හා පිළිකා.
–>පෙනහලු පිළිකා.
–>මුඛය, දිව, උගුර, ස්වරාලය හා මුත්‍රාශය ආශ්‍රිත පිළිකා.
–>වඳ භාවය.
–>අධි රුධිර පීඩනය.
–>නියුමෝනියාව.
–>ශ්‍රවණ ආබාධ.

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.