දුමින්ද පැය හතක් ප්‍රශ්න කළා-පොලීසිය

 

 

 

 

SRI_LANKA_(F)_0627_-_Droga

කොළඹ අපරාධ පර්යේෂණ  දෙපාර්තමේන්තුවේදී  රහස් පොලිස් නිලධරයෝ  පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගෙන් අද(10) පැය හතක් ප්‍රශ්න කර කට උත්තර ලියාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

ප්‍රකාශ වලින් පසුව මන්ත්‍රීවරයා රහස් පොලීසියෙන් පිටවී ගියේය.මුල්‍ය ආයතන සහ බැංකු 82හ් ගිණුම් පරීක්ෂාවට ලක් වී ඇත.දනට මේ විමර්ශනයෙන් 60% ක් පමණ හමාර වී ඇති බවයි අජිත් රෝහණ කියා සිටීයේ.

 

වෙලේ සුදා හෙවත් විදනලාගේ සමන්ත කුමාර දුමින්ද සිල්වා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයද දුමින්ද සිල්වා කළ ප්‍රකාශද සසදා බලා ඊ ළඟ  පියවර ගන්නා බව පොලීසිය පවසයි.

weera

විමල්ගේ බිරිඳ

හිටපු අමාත්‍ය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ බිරිය ශෂී වීරවංශගේ විදේශ ගමන් බලපත්‍රය සඳහා අසත්‍ය තොරතුරු ලබා දුන්නැයි කියන සිද්ධියේ රහස් පොලිස් පරීක්ෂණ  දැන් අවසන් වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා  කියයි.

ඇගේ සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍රයේ උපන් වර්ෂය ලෙස 1967 හා හා රාජතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයේ 1971 යොදා ඇති අතර ඒවායේ නම්ද වෙනස් බැවින් මේ පරීක්ෂණ ඇරැඹිණි.

මේ සම්බන්ධයෙන් ආගමන විගමන නිලධාරීන්ගේ ප්‍රකාශ ද සටහන් කැර  ඉදිරි කටයුතු සඳහා නීතිපති උපදෙස් පතා යොමු කර ඇති බවත්  මාධ්‍ය පවසයි.

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.