දුමින්ද සිල්වා ගැන රහසිගතව සාක්ෂි දිය හැකි

 

duminda_s_b

 

තුන් වැනි දිනටත් රහස් පොලිසියට ගෙන්වා ගෙන තිබුණු ළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ගෙන්  ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පොලිසිය කියා සිටීයේ ඔහුට වාට එරෙහිව සාක්ෂි ලබා දීමට අවශ්‍ය කෙනෙකු ඇත්නම් ඔවුන්ගේ අනන්‍යතාව හෙළි නොවන ලෙස රහසිගතව සාක්ෂි දිය හැකි බවයි.

මේ අතරවාරේ  බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියා සිටීයේ  දුමින්ද සිල්වා ගේ ක්‍රියා කලාපය පිළිබඳව පැහැදිලි සාක්ෂි තිබියදී ඔහුව අත් අඩංගුවට නොගැනීම ප්‍රශ්නයක් වන බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ කියා සිටින්නේ තමන්ට පුද්ගලයෙක්ව  නීති විරෝධී ලෙස අත්අඩංගුවකට ගැනීමක් සිදු කළ නොහැකි බවයි.

දුමින්ද සිල්වා අත්අඩංගුවට නොගෙන විමර්ශන පැවැත්වීම හේතුවෙන් සාක්ෂිකරුවන්ට බලපෑමක් සිදුවන බවටද මත පලවී ඇත.

Duminda Silva questioned.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.