වෙලේ සුදා හෙළිදරව්ව-දුමින්ද සිල්වා නම් කෙරේ

මත්ද්‍රව්‍ය ජාවාරාම් කරුවෙකු වූ වෙලේ සුදා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට මුදල් ලබා දුන් බව පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණ කළේ ය.duminda_s_b

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට අයත් සියලු ම බැංකු ගිණුම් පරීක්ෂා කරන ලෙස  අධිකරණය නියෝග කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ, වෙලේ සුදා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමග පැවැත් වූ බව කියන සබඳතාවලට අදාළ පරීක්ෂණ සඳහා මෙම පියවර ගෙන ඇති බව ය.

මීට අමතරව දුමින්ද සිල්වා මහතාට රටින් පිටවීම වළක්වමින් දී ඇති අධිකණ නියෝගය දීර්ඝ කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

තමන්ගේ නම කුඩු සමග බැදී ඇත්තේ කෙලෙසදැයි තම සොහොයුරා  ගේ මාධ්‍ය ඔස්ස්සේ විස්තර කරන දුමින්ද සිල්වා

[vsw id=”/qYYSiWS6gKU” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.