දුර මනින අලුත්ම ඒකකය ජනාධිපති කටවුට්-සජිත් ප්‍රේමදාස

 

 

mahinda cutout

දැන් දුර මනින අලුත්ම ඒකකය ජනපති කටවුට් බව කියා සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතා යි .

තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ‘සඳගිරිගම’ ප්‍රදේශයේ ජනතාවට පානීය ජලය බෙදා දීමේ අවස්ථාවට සහභාගි වෙමින් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ .කිලෝ මීටරයකට කවටුට් මෙපමණ ගණනක් තිබිය යුතු යැයි නිගමනය කොට තිබෙන බවයි.

. දැනට ඉතිරි වී ඇති ලයිට් කණු, බෝක්කු, තාප්ප බිත්ති ගැන සමීක්ෂණ පවත්වන බවත් ළඟදී අගනුවර සිට ප්‍රාදේශීය නගරයකට ගිය කෙනෙක් තමන්ට යෑමට අවශ්‍ය තැන ත්‍රිරෝද රියැදුරකුට කී විට “මෙතැන ඉඳන් කටවුට් 4ක් ගියාම තියෙන හන්දියෙන් දකුණට හැරිලා යන්න තියෙන්නේ” කියා රියැදුරා පිළිතුරු දුන් බව සජිත් කියා සිටියා.

mahindacutout3
කොළඹ නගර සීමාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත කටවුට් නොමිලේ සවිකිරීමට ඉඩදීමෙන් කොළඹ මහ නගර සභාවට රුපියල් මිලියන 21 කට වැඩි ආදායමක් අහිමි වී ඇතැයි අද පැවැති මහ සභාවාරයේදී පාලක පක්ෂය (එජාප) පෙන්වා දී තිබෙනවා .
මේ පිළිබඳව කැබිනට් මාධ්‍ය හමුවට එක්වූ ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ මැතිවරණවලට රජය මුදල් වියදම් කරන නමුත් ජනාධිපතිගේ බැනර්, පෝසටර්, කටවුට් සඳහා ඒ මුදල් භාවිතා කළා යැයි තමා නොසිතන බවයි..

නිසිලෙස බදු නොගෙවා එලෙස බැනර්, කටවුට් ප්‍රදර්ශනය කර ඇත්නම් නඩු දමන ලෙසත්, සියලු දේශපාලන පක්ෂ මැතිවරණ නීති උල්ලංඝනය කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

 

mahindacutout1

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.