දුෂකයින්ට යාපනයේ ඉඩ නැත

 

 

පසුගියදා යාපනය පුංකුඩතිව් ප්‍රදේශයේදී දූෂණයට ලක්වූ දැරියගේ ඝාතනයට එරෙහිව අද දිනයේදී ද (19) යාපනයේ විරෝධතාවයක් පැවැත්වුණි.

පාසැල්, ඖෂධහල් හා හෝටල් හැර යාපනයේ සෙසු අලෙවිසැල් හා බැංකු සියල්ලම අද වසා දමා තිබුණු බව මාධ්‍ය වාර්තා වල දැක්වේ.

සැකකරුවන් උසාවියට ගෙන  ආ අවස්ථාව

 

කෙළෙසා මරාදැමූ යාපනය පුංකුඩතිව් දමිළ මහා විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ දහඅට හැවිරිදි එස්. වීත්‍යා නම් ශිෂ්‍යාව වෙනුවෙන් සාධාරණය ඉෂ්ට කරන මෙන් විරෝධතාකරුවන් ඉල්ලා සිටියි.

සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත්වීමෙන් නීතිඥවරුන් වැළකී සිටිය යුතු බවත් සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් ඔවුන් අවධාරණය කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මේවන විටත් සමත් වී තිබේ.

අද දිනයේදී යාපනයේ පැවති උද්ඝෝෂණයේ අවස්ථා කිහිපයක් පහත දැක්වේ.

 

 

protest_yazl_vithya_042

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.