දුෂණයේ ප්‍රගති වාර්තාව – විජිත හේරත්

vijitha herath*ජනාධිපතිවරයා ඊයේ දිනයේ ප්‍රකාශයට පත්කළේ වසර 70 වසරක නිල් කොල පාලනයේ ක්සත් ජාතික පක්‍ෂය, ශී‍්‍රලනිප පක්‍ෂ දෙකේ වංචා, දූෂණ, අක්‍රමිකතා ක්‍රියාවලියේ කෙටි වාර්තාවක්.

*මේ ආණ්ඩුව මහා පරිමාණ බැංකු කොල්ලයක් කළා. ආණ්ඩුව පත්වෙලා මාසයකට ආසන්න කාලයකදී තමයි මෙම මංකොල්ලය සිදුකළේ.

*මෙම ගනුදෙනුව සිදුවූයේ පෙබ. 26-27 දින ආසන්නයේ. මෙම ගනුදෙනුවෙන් පසු එහි සම්පූර්ණ තොරතුරු අපේ පක්‍ෂයේ සුනිල් හඳුන්නෙත්ති මන්තී‍්‍රවරයා විසින් 2015 මාර්තු 10 මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වමින් හෙළිදරව් කළා.

* ලංකා ඉතිහාසයේ සිදුවූ බරපතළම මූල්‍ය වංචාව එයයි.

*අගමැතිවරයා ඒ අවස්ථාවේදී අර්ජුන් මහේන්ද්‍රන් ආරක්‍ෂා කරමින් පාර්ලිමේන්තුවේදී කතා කළා.

*මහ බැංකු අධිපතිවරයා ටෙන්ඩර් මණ්ඩලයට බලපෑම් කළ බවත් අසත්‍යයි කියලා අගමැතිවරයා කිව්වා. අපි එදා කළ චෝදනාව පිළිබඳව ආණ්ඩුව ක්‍රියාමාර්ග ගත්තා නම් මේ තරම් මූල්‍යමය අලාභයක් සිදු නොවෙන්න ඉඩ තිබුණා. ආණ්ඩුව නිසි කි‍්‍රයාමාර්ග නොගැනීම නිසා විශාල මුදලක් රටට අහිමි වුණා.

*ඉන් පසුව 2015 ඩිව් ගුුණසේකර සභාපතිත්වයෙන් කොප් කමිටුවේ පරීක්‍ෂණක් සිදු කෙරුණා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග එම පරීක්‍ෂණ නතර වුණා. පසුව 2015 මහ මැතිවරණයෙන් පසුව රැුස්වූ පාර්ලිමේන්තුවේදී නව කෝප් කමිටුවක් පත්කළා. එහි සභාපතිත්වය දැරුවේ සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා. එම කෝප් කමිටුව දීර්ඝ කාලයක් මෙම මහ බැංකු බැඳුම්කරය පිළිබඳව පරීක්‍ෂණය කළා. එම කමිටු වාර්තාව නීතිපතිවරයාට බාර දුන්නා. නමුත් මාස 15ක් ගතවී තිබියදීත් එම වාර්තාව පදනම් කරගෙන කිසිදු නීතිමය කි‍්‍රයාමාර්ගයක් අරගෙන නැහැ.

* කෝප් කමිටුවේ සාමාජිකයෙකු ඉවත් කොට සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා කෝප් කමිටුවට ඇතුළත් කිරීමට අගමැතිවරයා කටයුතු කර තිබුණා. එය හිතාමතා මෙම ගනුදෙනුව ආරක්‍ෂා කිරීමට කළ කටයුත්තක්. පසුව සුජීව සේනසිංහ මන්තී‍්‍රවරයා ගනුදෙනුව ආරක්‍ෂා කරමින් පොතකුත් ලිව්වා. මේ පිළිබඳවත් අපි ආණ්ඩුවේ අවධානය යොමු කළා.

*බැඳුම්කර වංචාව පිළිබඳ කෝප් වාර්තාව පදනම් කරගනිමින් වංචාවට සම්බන්ධ සියලූම දෙනාට එරෙහිව නීතිමය පියවර ගැනීමත් රජයට වංචා කළ මුදල් ආපසු අයකර ගැනීමටත් අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති තනතුරෙන් හා ඔහු දරන සියලූ තනතුරුවලින් වහා ඉවත් කරන ලෙසත් පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ප්‍රාථමික ගනුදෙනුකරුවන්ගෙන් ලැයිස්තුවෙන් ඉවත් කරන ලෙසත් ඔවුන් අයථා ලෙස උපයා ගත් මුදල් රටින් බැහැර කිරීම වළක්වන ලෙසත් අපි එම ලිපියෙන් ආණ්ඩුවට අවධාරණය කර සිටිය. නමුත් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. දැන් ප්‍රමාද වෙලා ජනාධිපති කොමිෂන් වාර්තාවක් එළිදක්වලා තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.