දුෂණ මඩින තැනත් දුෂණ- විමර්ශන දුරදිග යයි

tislට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා (TISL ) ආයතනයේ සිදුවී ඇති දූෂණ වසන්කිරීම පිළිබදව අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව එල්ලවී ඇති චෝදනා ගැන විමසීම සදහා සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වහාම හමුවීමට අවශ්‍ය බව පසුගිය සතියේ TISL වෙත පැමිණ ඇති නෝර්වේ ආධාර කණ්ඩායම් ප්‍රධානියා TISL විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර මහතා වෙත දැනුම්දී ඇතැයි වාර්තාවේ.

මේ දුෂන වැඩි වශයෙන් එල්ල වී තිබෙන්නේ නීතිවේදී ලක්ෂාන් ඩයස්ට එරෙහිවය. පසු ගිය දා විජේදාස රාජපක්ෂ ඔහුගේ කළු කෝට් එක ගලවන බව තර්ජනය කළේය.
දූෂණ චෝදනා එල්ලවීමෙන් පසු එම දූෂණ වසන්කර ගැනීමට ආයතනයේ එතෙක් පැවැති මෙහෙයුම් මාර්ගෝපදේශ ( TISL Operation Manual- 2012 ) වෙනස්කර වඩාත් ලොකු සිදුරු සහිත නව Operation Manual ක් සම්පාදනය කර ඇති බවට ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් විගණන ආයතනයක් වන KPMG සමාගම සිදුකළ විගණනයේදී හෙළිවී තිබූ බවට පළවී තිබූ වාර්තා ගැනද එහිදී නෝර්වේ ආධාර කණ්ඩායම විමසිම් කර තිබේ.

මෙම නව මෙහෙයුම් මාර්ගෝපදේශ සංග්‍රහය යටතේ එතෙක් පැවැති මිලගණන් කැදවීමේ අවශ්‍යතා, බදවාගැනීමේ පටිපාටි,ආදී සියල්ල ඉවත්කර ඒ සියල්ල විධායක අධ්‍යක්ෂවරයාගේ අභිමතය අනුව සිදුකිරීමට අවකාශ සලසාදී තිබූ බවට චෝදනා එල්ලවී තිබීණි.  එසේම විධායක අධ්‍යක්ෂ ඩයස්ගේ යහලුවෙකුගේ බිරිදක් වන ඔස්ක් ස්ටුල්දොටිර් (OSK STURLUDOTTIR) නැමැති අයිස්ලන්ත ජාතික කාන්තාවක් රැකියා කිරීමේ බලපත්‍රයක් නොමැතිව නීති විරෝධීව සේවයේ යෙදවීමේ සිද්ධිය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් වසන්කිරීම ගැනද මෙම ආධාර කණ්ඩායමේ අවධානය යොමුවී ඇත.

කාර්ය මණ්ඩලයේ සිටි ඉහළ සුදුසුකම් සහ පළපුරුද්ද ඇති 15 දෙනෙකුට වැඩි පිරිසක් ගෙදර යවා හිතමිත්‍ර සබදතාමත තෝරාගත් ඉතාම අඩු අත්දැකීම් ප්‍රමාණයක් ඇති පිරිසක් අලුතින් බදවාගෙන ඇති බවට එල්ලවී තිබෙන චෝදනා ගැනද ඔවුන් විමසා ඇතැයි පැවසේ . විශේෂ විගණනය සදහා වැයකර ඇති මුදල රුපියල් ලක්ෂ 12 ඉක්මවන බවද වාර්තාවේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.