දුෂණ විමර්ශන නවතී

police-logo-sri-lanka-113මහා පරිමාණ වංචා හා දූෂණ චෝදනා එල්ලවූවන් ප්‍රසිද්ධ සාක්‍ෂි විභාග සඳහා කැඳවීම අගෝස්‌තු මස 20 වැනිදා දක්‌වා කල් දැමීමට විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන ඇත.

මෙම ප්‍රසිද්ධ සාක්‍ෂි කැඳවීම පසුගිය 16 වැනිදා සිට ආරම්භ කරනු ලැබූ නමුත් මෙලෙස සාක්‍ෂි කැඳවීමෙන් තමන්ට අසාධාරණයක්‌ සිදු වන හෙයින් සාක්‍ෂි විභාග කල්දමන්නැයි මෙවර මහ මැතිවරණයට තරග කරන අපේක්‍ෂකයකු සිය නීතිඥයන් මගින් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිට ඇත.

ඒ අනුව මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා ද ප්‍රසිද්ධ සාක්‍ෂි කැඳවීම කල් දමන්නැයි කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇතැයි වාර්තාවේ.කෙසේ වූවද කොමිෂන් සභාවේ විමර්ශන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව වාර්තාවේ.

ඒ අනුව සාක්‍ෂි කැඳවීම අගෝස්‌තු මස 20 වැනිදා දක්‌වා කල් දමා ඇත. ඒ අනුව දූෂණ චෝදනා එල්ල වූ පුද්ගලයන්ට දැන් තරමක සැනසීමක් උදාවිය හැකි අතර කෙතෙක් කල් දමා ගත්තද ඒවෙනුවෙන් වග උත්තර බැදීමට සිදුවීම නියතය. කෙසේ වූවද උදාවූ කෙටි විවේකයෙන්හෝ සතුටු වීම හැර වෙනත් විකල්පයක් ඔවුනට නොමැත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.