දුෂණ විමර්ශන විවේකය හමාර වෙයි

yoshitaඅගමැති රනිල් වික්‍රමසිංහ මහනුවර ගිය අවස්ථාවේදී ඔහු වට කරගත් පිරිස ඔහු ගෙන් ඇසුවේ හොරු අල්ලන්නේ නැත්තේ ඇයි යනුවෙනි. මේ වන විට විමර්ශන අසු ගණනක් හමාර වී ඇති බවත් ඉක්මනින් නඩු පවරන බවත් කියූ අගමැතිවරයා ඇඟ බෙර ගත්තේය. බැඳුම්කරය ආශ්‍රිතව මතු වූ ගැටළුවක් හේතුවෙන් රවී කරුණානායක ඉල්ලා අස්වීමෙන් අනතුරුව ජනාධීපතිවරයා පවසා ඇත්තේ ඒකාබද්ධ  විපක්ෂයට ඉතා ඉක්මනින් අධිකරණ ක්‍රියාවලින්ට මුහුණ දීමට සිදුවෙන  බවයි.

හිටපු  ජනපති  මහින්ද රාජපක්ෂ මහතාට  සහ රාජපක්ෂ පවුලේ  සාමාජිකයන්ට  එරෙහිව එල්ලවී  ඇති  චෝදනා සම්බන්ධයෙන්  සිදුකැරෙන පරික්ෂණ කඩිනම්  කිරිමට දැන් පියවර ගනිමින් පවතී. හිටපු  ජනාධිපතිවරයාට  සහ ඔහුගේ  පවුලේ  සාමාජිකයන්ට එරෙහිව එල්ලවී  ඇති  චෝදනා  පිළිබඳ පරික්ෂණ ඉතාම මන්දගාමී  ලෙස සිදුකෙරෙන බව කරුණානායකට හිතවත් එක්සත්  ජාතික පක්ෂයේ  පසු පෙළ මන්ත්‍රීවරුන් පිරිසක්  දිගින් දිගටම කරුණූ  දැක්වීමේ ප්‍රතිළුලයක්  ලෙසින්  හිටපු  ජනපති  මහින්ද රාජපක්ෂ මහතාට  සහ රාජපක්ෂ පවුලේ  සාමාජිකයන්ට  එරෙහිව එල්ලවී  ඇති  චෝදනා සම්බන්ධයෙන්  සිදුකැරෙන පරික්ෂණ කඩිනම්  කිරිමට  රජය තීරණය කර  ඇතැයි වාර්තා වේ. යහපාලන රජය බලයට  පත්වී  මේ  වන විට  වසර  දෙකහමාරක්  ගතවී  ඇතත් හිටපු  ජනපතිට සහ ඔහුගේ පවුලේ  සාමාජිකයන්ට  එරෙහිව කිසිදු  පරික්ෂණයක්  තවමත්  අවසන් වී  නැති  බව මේ මන්ත්‍රීවරු පවසති.

මේ අතර වාරේ  විශ්‍රාමික ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මයව සහ පුත් යෝෂිත රාජපක්ෂ මහතාව හෙට (15) තෙවන වතාවටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවමක් කර ඇති බව වාර්තාවේ. ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට අදාළව ප්‍රශ්න කිරීම සඳහා මොවුන් මෙසේ කැඳවා ඇති බව මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබිණි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මීට පෙර අවස්ථා දෙකකදී මොවුන් දෙදෙනාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණද ඔවුන් විවිධ හේතු දක්වමින් එය මගහැරියේ ය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!