දුෂිත දේශපාලනඥයන් රටින් පිටවී යාම වලක්වන්න-වන් ෂොට්

 

RanjanR_360px_12_12_22

චෝදනා එල්ල වී ඇති දේශපාලනඥයන් රටින් පිටව යාම වැළැක්වීමට වහාම පියවර ගත්තේ නැතිනම් ජනතාවට සාධාරණයක් ඉටු නොවන බව  රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා

පවසයි

අල්ලස් සහ දූෂණ කොමිසමේ චෝදනා පවතින දේශපාලනඥයන්  රටින් පලා යාමට පෙර ඔවුන් ගේ විදේශ ගමන් බලපත්‍ර අහෝසි කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මම දන්නා එක ඇමතිවරයෙක්, එතුමාට චොපර් හතරක් තියෙනවා. නැව් හයක් තියෙනවා. මේ කව්ද කියල තමුන්නාන්සේලා දන්නවා. ඉතින් ඒ වගේ අයට පැනලා යන්න දෙන්න බැහැ යැයි ඔහු කියා සිටියේය.

හොරුන්ව ආරක්ෂා කරන එක මෛත්‍රී දේශපාලනය නෙමයි. හොරුන්ව රකින එක, හොරුන්ට එයාර් පෝට් එකෙන් යන්න දෙන එක, ඒක මෛත්‍රී දේශපාලනයද නෙවෙයි යැයි

රාමනායක මන්ත්‍රීවරයා පසීය.

මහත්මා දේශපාලනය  මහත්වරුන් සමඟ කරනවා මිස හොරුන් සමග කල නොහැකි බව එදා පටන් වන් ෂොට් ලෙස පෙනී සිටින තමන් අදත් කියන බව රන්ජන් රාමනායක කියා

සිටී.

මේ අතරවාරේ හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා ඇමරිකාව බලා ගොස් ඇති බව වාර්තාවේ.

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.