දුෂිත විදෙස් ගනුදෙනු වැළලී යයිද?

straus khan එක්සත් ජාතික පක්ෂයවිපක්ෂයේ සිටියදී  රාජපක්ෂ ආණ්ඩුව තමන්ගේ විදේශ ප්‍රතිරූපය  ඉහළ නොවා ගැනීම සඳහා  ඩොලර් ලක්ෂ ගණනින් වියදම් කල බව චෝදනා කොට සිටියේය.

අනෙක් අතට ණය ලබා ගැමේදී අතාර්කික පොලී අනුපාත වලට ණය ලබාගත් අතර එම ගනදෙනු සපුරා ගැනීම සඳහා විවිධ උපදේශන කටයුතු වලට විශාල වශයෙන් කළ  වියදම්

සාධාරණ නොවන බවත් ප්‍රකාශ විය.

2011 වසරේදී සිය තනතුර හැර ගිය  අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ හිටපු කළමණාකාර අධ්‍යක්ෂ ස්ට‍්‍රවුස් ඛාන් ශ්‍රී ලංකාවේ මුල්‍ය තත්වය ඉහල දමාගැනීම සඳහා මහ බැංකුවට උපදෙස් ලබාදීම සම්බන්ධයෙන් ගනු ලැබූ උපදේශන සේවාවන් වෙනුවෙන් . පසුගිය වසරේ ඔක්තෝබර් මස 26 සිට 28 දක්වා ස්ට‍්‍රවුස් ඛාන් ලංකාවට පැමිණ ඇති අතර ඒ සඳහාත් පසුගිය මාස හයක කාලය තුල විටින් විට  සිදු කළ  උපදේශන සේවා සඳහා ස්ට‍්‍රවුස් ඛාන් වෙත ලක්ෂ 984 ක මුදලක් ගෙවා ඇති බව මේවනවිට හෙළිවී තිබේ.

downloadxse

ජාත්‍යන්තර ප්‍රතිරුඋපය පිළිබඳව ගැටළු ඇතිවී තිබෙන රටවල් වලට උපදෙස්  ලබාදෙන බ්‍රිතාන්‍යයේ බෙල් පොටින්ජර්  සමාගමේ සේවය ලබා ගැනීම සඳහා ශ්‍රිලංකාවේ ආණ්ඩුව

ඩොලර් මිලියන 4.7ක් වියදම් කොට ඇති බව මධ්‍යයේ වාර්තා වූ විට ශ්‍රී ලංකාවේ බලධාරීන් මෙන්ම බෙල් පොටින්ජර්  සමාගමත් කියා සිටීයේ මේ පිළිබඳව තොරතුරු හෙළිදරව් කල නොහැකි බවයි.

downloadloe

එක්සත් ජාතීන්ගේ සංගමය,යුරෝපා සංගමය.සහ බ්‍රිතාන්‍යයේ නිලධාරීන් ගේ පක්ෂපාතිත්වය  ලබාගැනීම සඳහා මේ මුදල් වියදම් කල බවයි වාර්තා වන්නේ.

බ්‍රිතාන්‍යයේ  ශ්‍රී ලංකාව පිලිබඳ අන්තර් පාර්ලිමේන්තු කණ්ඩායමේ  ප්‍රධානියාවන නෙස්බි සංචාරය වෙනුවෙන් කළ වියදම් පිළිබඳවද ප්‍රශ්න මතු වී තිබේ.

ශ්‍රී ලංකාවේ හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් ඉහල පොලී අනුපත වලට ණය ලබා ගැනීමේදී අනුගමනය කල ක්‍රියාපටිපාටිය පිළිබඳවත් ප්‍රශ්න මතු වී තිබේ.

කබ්රාල් මහතාගේ පූර්ණ අනු දැනුම ඇතිව ග්‍රීසියේ බැදුම්කරවල රුපියල් කෝටි 400ක පමණ මුදලක් ආයෝජනය කර තිබූ අතර එය සම්පූර්ණයෙන්ම බංකොලොත් ආයෝජනයක් බව තහවුරු විය. එමෙන්ම ඛණිජ තෙල් සංස්ථාව, විදේශ බැංකු ඇතුළු බැංකු කිහිපයක් සමග අත්සන් තබන ලද  හෙජින් ගිවිසුම හරහාද විශාල මූල්‍ය වංචාවක් සිදුව ඇත. මේ ආදී ගණුදෙනු හරහා කබ්රාල් මහතාට විශාල මුදලක් ලැබෙන්නට ඇති බව තහවුරු වෙමින් පවතී.

දැන් මතුවෙන ප්‍රධාන ප්‍රශ්නය නම් ජාත්‍යන්තර මට්ටමේ සිදුවූ දුෂිත ගනදෙනු පිළිබඳව හොයා බැලීමක් කරන්නේද යන්නයි.මේ ගනුදෙනු සංකීර්ණය.එහා මෙහා වී ඇති මුදල් විශාලය.විදේශ කෙළවරේදී  දත්ත සුරැකීමේ  නීතී වලින් බොහෝ දේ වසාගත හැකිය.එහෙයින් මෙවන් විමර්ශන ඒ සඳහා අවශ්‍ය දැනුම,හැකියාව සහ පලපුරුද්ද ඇති අය විසින් කිරීම වැදගත්ය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.