දූෂණ මර්දනය ගැන රනිල් ගෙන් වෙනස් කථාවක්

Ranil Wickramasingheදූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසා දැමීම දේශපාල ගනුදෙනුවක් බ ඇතැමුන් පවසන අතර රනිල් වික්‍රමසිංහ පවසන්නේ වාර්තාතවක් සම්පාදනය කෙරෙමින් පවතින බවයි. අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ පවත්වාගෙන යනු ලබන දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසා දමන බවටත්, එහි කාර්යයන් අඩපණ කරලීමට යම් යම් පාර්ශවයන් උත්සාහ කරන බවටත් සඳහන් කරමින් පසුගිය දින කීපය තුළ ජනමාධ්‍ය ඔස්සේ පළ කෙරුණු ප්‍රවෘත්ති සම්බන්ධව අග්‍රාමාත්‍ය කාර්යාලයේ අවධානය යොමු වී ඇත.

දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය 2015 දී ස්ථාපිත කෙරුණේ දූෂණ සහ වංචා පිළිබඳව ලැබෙන මහජන පැමිණිලි නිරීක්‍ෂණය කොට, පදනම් සහගත පැමිණිලි අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිසම වෙත හෝ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත යොමු කිරීමට ය.

මේ කාර්යයන් විධිමත් කරලීම සම්බන්ධව දැන්, අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිසම, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හා දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය යන ආයතන තුනම නියෝජනය කරන නිලධාරීන් ඇතුළත් කමිටුවක් විසින් විශේෂ වාර්තාවක් සකස් කෙරෙමින් පවතී.

තවදුරටත් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය පවත්වාගෙන යන්නේ ද, එහි කාර්ය භාරය සංශෝධනයකට ලක් කරන්නේ ද, එසේත් නැතිනම් අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිසම සහ පොලිස් මුල්‍ය අපරාධ කෙට්ඨාශය සමග සමාන්තර මට්ටමකින් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට වගකීම් පවරන්නේ ද යන්න පිළිබඳ අවසන් නිගමනයකට එළැඹෙනුයේ පෙර කී වාර්තාවේ නිර්දේශයන් අනුව ය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.