දූෂණ හෙලිදරව්වේදී විජේදාස රාජපක්ෂ භූමිකාව ප‍්‍රශ්නයක් ?

wijedasaපසුගිය ආණ්ඩුව සමයේ දූෂිත කි‍්‍රයාවල නිරත වූ ඉහල පෙලේ පුද්ගලයින්ට එරෙහිව පියවර නොගැනීම සම්බන්ධයෙන් මතු වී ඇති ආන්දෝලනාත්මක කතා බහ තුල විජේදාස රාජපක්ෂ ඇමතිවරයාගේ භූමිකාව ප‍්‍රශ්නයට ලක්වෙමින් තිබෙන බව වාර්තා වී තිබේ. ඇතැම් දූෂණ වාර්තා පිළිබඳව පැහැදිලිව දත්ත වාර්තා වී තිබියදීත් පරීක්ෂණ වල අවසානයක නොගොස් ඇත්තේ ඇයි දැයි රාජිත සේනාරත්න ඇමතිවරයා ප‍්‍රශ්න කල අවස්ථාවේදී වාර්තා වන අන්දමට “මම අධිකරණ ඇමතිවරයා විතරයි. මට නීතිපති දෙපාර්තමේන්තුවට නීතය උගන්වන්න බැහැ. මේ හැම දෙයකටම ක‍්‍රමවේදයක් තිබෙනවා. ඕනම කෙනෙක්ට අදහස් ප‍්‍රකාශ කරන්න පුළුවන්. චෝදනා කරන්නත් පුළුවන්. නමුත් නීතිමය රාමුව කාටත් පොදුයි. මට ඒක වෙනස් කරන්න බැහැ”
යැයි විජේදාස රාජපක්ෂ පවසා ඇත. එවිට රාජිත සේනාරත්න ඇමතිවරයා ප‍්‍රකාශ කොට ඇත්තේ ඇවනගාඩ් පරීක්ෂණ අවසන් වෙලා හුග ගලක් වෙනවා. හැබැයි මේවාට අවශ්‍ය නීති පියවර ගන්න ප‍්‍රමාදයි.

මේ පිටුපස ඉන්න අදිසි හස්තය කුමක්දැයි රවී කරුණානායක මහතා ප‍්‍රශ්න කොට ඇත. කෙසේ වෙතත් මේ ප‍්‍රශ්නයට උත්තර දීමට නම් විජේදාස රාජපක්ෂ ඇමතිවරයා ඉදිරිපත් වී නැත. විජේදාස රාජපක්ෂ ඇමතිවරයා තම පවුලේ අය සමගින් ඇවන්ගාඞ් අයිතිකරුවෙක් වන නිශ්ශංක සේනාධිපති
සමග ඩිස්නි ලන්තයට ගිය ගමනක තොරතුරු අන්තර්ජාලයේ පලවී තිබිණ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.