දෙගල්දොරුවේ සිතියම් මැකී යාදෝ

degaldoruwaමහනුවර දෙගලදොරුවේ ඓතිහාසික බිතු සිතුවම් මැකී යන තත්ත්වයක් උදා වී තිබේ. මේ පිළිබඳව වහාම කි‍්‍රයාමාර්ගයක් ගත්තේ නැතිනම් ඉතා වටිනා ඓතිහාසික චිත‍්‍ර විනාශ වී යාමට ඉඩ තිබේ. වෙස්සන්තර රජතුමන් දරු දන්දීම ඇතුළු ඉතාමත් වර්ණවත් බිතුසිතුවම් රැසක් දෙගල්දොරුවේ දැකගත හැකිය. මෙම සිතුවම් ක‍්‍රමානුකූලව සංරක්ෂණය කල යුතු බවට මුලින්ම අදහස් දක්වා ඇත්තේ ආනන්ද කුමාරස්වාමිය. 1905 විහාරයේ පිරිපාලන කටයුතු කල ප‍්‍රභූන් වෙත ලිපියක් ලියූ ආනන්ද කුමාරස්වාමි කියා සිටියේ මෙය තමන් ශී‍්‍ර ලංකාවේ දුටු ඉතා රමණීය බිතුසිතුවම් බවයි.

මෙම සිතුවම් වලට පණ පොවා ඇත්තේ මහනුවර යුගයේ සිත්තරුන් ඔවුන්ම හදාගත් වර්ණවලිනි. ඒ සම්ප‍්‍රදාය ඔවුන්ටම ආවේණික එකකි. ආනන්ද කුමාරස්වාමි මෙම සිතුවම් පිටපත් කිරීම සඳහා දිනකට පැයි 15ත් 20ත් අතර ප‍්‍රමාණයක් ගත කළ බව වාර්තා වී ඇත. මේ දෙගල්දොරුවේ වෙසෙන පූජ්‍ය වලපනේ පියරතන හිමි කියා සිටිනේනේ මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය ප‍්‍රමාණයත් ලෙස යොමු වී නැති බවයි.degaldoruwa

මේ ආකාරයේ සිතුවම් සම්ප‍්‍රදායන් සංරක්ෂණය කිරීම සඳහා අවශ්‍ය විශේෂඥ පුුහුණුව හා ශ‍්‍රමය ශී‍්‍ර ලංකාවේ ඇතත් ඒ පිළිබඳව නිසි පියවර ගැනීමට මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අපොහොසත් වී ඇති බවයි පෙනී යන්නේ. ආනන්ද තෙරණුවන් පවසන පරිදි මේ සඳහා මුදල් වෙන්කොට ඇතත් තවමත් වැඩ ආරම්භ වී නොමැත. වැඩ ආරම්භ වන්නේ මේ සිතුවම් මැකී ගිය පසුද යන්න පිළිබඳ ප‍්‍රශ්නය දැන් මතුවී තිබේ.

degaldoruwa

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.