වැඩිම මනාපය තරඟ නොකළ කෙනෙකුට

 

maahhonda

වැඩිම මනාපය හිමිවන්නේ  අවසන් මොහොතේ මතුවූ චරිතයකටයි.

 

කව්රු මොනවා කීවත් ජනතාව  ජයග්‍රහණය කරවීම  සදහා දැවැන්ත මෙහෙයක් කළ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මේ ජනාධිපතිවරණයේදී  ඉහළම මනාපය ලැබූ පුද්ගලයායි.

 

ඉතා දුෂ්කර තත්වයන් යටතේ  මෙහය වූ මෙම මැතිවරණයේදී මහින්ද දේශප්‍රිය විටෙක දැඩි වූ අතර තවත් විටෙක උපක්‍රමශීලි විය.

රාජ්‍ය දේපල භාවිතය ගැන පැමිණිලි ඉදිරිපත්වූ ඇතැම් අවස්ථාවලදී නොදැක්කා සේ සිටි අතර මැතිවරණ

දිනයේදී සිදුවිය හැකි ඡන්ද මංකොල්ල ගැන  විමසූ විට හොර ඡන්ද භාවිතා කරන්නන් හට ඔළුවට වෙඩි තැබිය  යුතු බව කියා සිටීමට තරම් නිර්භීත විය.

 

hindaaaa)

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඔහුගේ ක්‍රියා කලාපය ප්‍රශ්න කළවිට ඔහු කියා සිටියේ තමන් පක්ෂක්ග්‍රාහී ලෙස කටයුතු කරන බව ඔප්පු කල හැකි නම් තමන් විශ්‍රාම වැටුපත් නොගෙන ගෙදර යන බවයි.

විපක්ෂය මහින්ද දේශප්‍රියට චෝදනා කරමින් මැතිවරණ කාර්යාලයේ ගේට්ටුව ඉදිරිපිට වාඩි වෙද්දීත් ඔහු සරල සැහැල්ලු සිනහවෙන් තම පිරිස මෙහයවීය.

මේ අතරවාරයේ ඔහු ජනතා රැල්ල මැනවින් තේරුම් ගත්තේය.

 

mamahinda234

 

සාධාරණ මැතිවරණයක් සඳහා වූ ඉල්ලුමක් සමාජය තුලින් මතුවෙන තෙක් ඉවසීමෙන් හිඳ තීරණාත්මක මොහොතේදී ක්‍රියාත්මක වීමට තරම් මහින්ද දේශප්‍රිය සුක්ෂම විය.එසේ නොකලා  නම් බලගතු තැනක  සිටි

අනෙක් මහින්ද ගෙන් විසුමක් නොවෙන බව ඔහු දැන සිටියේය.

මහින්ද දේශප්‍රිය සැබෑ උණ  ගසක් ලෙසින් ක්‍රියාත්මක විය.සැඩ සුළඟ හමන විට නැමුණු ඔහු සැඩ සුළගේ අනතුර ක්‍රමයෙන් අඩුවෙදේදී කෙළින් නැගී සිටියේය.

හමුදාව මැතිවරණ ක්‍රියාවලියෙන් ඈත්කොට තබීම,නිරීක්ෂකයින්ට ගණන් කිරීමේ මධ්‍යස්ථාන යාමට අවසර දීම,අල්ලස් බෙදා හැරීම හැකි පමණ සීමා කිරීම සහපොලිසියේ සහයෝගය උපරිම අන්දමින් ලබා ගැනීම තුලින් ඉතා අමාරු  මැතිවරණයක් සාධාරණව පැවැත්වීමට  මහින්ද දේශප්‍රියට හැකි විය.

ඔහු මේ සියල්ල කළේ 17 වෙනි ආණ්ඩු ක්‍රම වියවස්ථා සංශෝධනයෙන් ඇතිකර තිබු ස්වාධීන මැතිවරණ කොමිසම අහෝසි කොට බලතල කප්පාදු වූ අවස්ථාවකයි.

පේරාදෙණිය විශ්ව විද්‍යලයේත් අම්බලංගොඩ ධර්මාශෝකයේත් ශිල්ප හැදෑරු මහින්ද දේශප්‍රිය සරල ,සැහැල්ලු මිත්‍රශීලී මිනිසෙක් ලෙස ප්‍රකටය.

මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමසාරිස්තුමනි! ඉහළම ජනතා මනාපය ඔබටයි.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.