දෙමළ ජනතාවට අළුත් ආණ්ඩුව තුළ පෙනෙන්නේ පරණ මුහුණු-MIA

download (67)

 

ශ්‍රි ලංකාවේ සිට එංගන්තයට පැමිණි  මායා  කියා සිටින්නේ ආණ්ඩුව වෙනස් වුනත් පරණ මුහුණු යළිත් දැක ගන්ට ලැබෙන බවයි.

අළුත් ජනාධිපතිවරයාගේ දින සීයේ වැඩ සටහන තුළ දෙමළ ජනතාවගේ ගැටළු ගැන සඳහනක්  නැති බවයි  චැනල් 4 රූපවාහිනී නාලිකාවට ඇය කියා සිටින්නේ.

විධායක ජනාධිපති කම අහෝසි කිරීම,ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රත්සන්කරන යනාදී මේ ඉල්ලීම් දෙමළ ජනතාවට සහන ගෙන දේ නොවේදැයි ප්‍රශ්න  විචාරකයා ඇසුවිට  ඊට

අමතරව දෙමළ ජනතවටම අවේනික වූ ප්‍රශ්න ඇති බව මායා පැවසුවාය.

හිටපු ජනපතිවරයා විසින් දමිල ජනතාවට නිසිලෙස සැලකුවේ නොමැති බවත් ඔහුව හේග් නුවර අන්තර් ජාතික අධිකරණයට ගෙන යෑමේ අවශ්‍යතාව තුරන් වී නැති බව ඇය  කියා සිටියාය.

මේ අතරවාරයේ  දෙමළ ජනතාවට තමන්ගේ එදිනෙදා ජීවිතය පවත්වා ගෙන යැමට සිදුව ඇති බව ඇය පැවසුවාය.සියළු දෙමල ජනතාව ත්‍රස්තවාදීන් සේ සලකා කටයතු කිරීම වැරදි බව ඇය සඳහන් කළාය.

 

download (66)

 

අවිශ්වාශයේ සේයාව

ශ්‍රී ලංකාවෙන් පැමිණ බ්‍රිතාන්‍යයේ වෙසෙන මාදංගි අරුල්ප්‍රකාශම් ගේ කථාව පුරාම තිබුනේ අවිශ්වාශයේ සේයාවයි.

 

මෙවන් මානසිකත්වයක්  තිබෙන විදෙස්ගත දෙමළ ප්‍රජාවක් සිටින තුරා ජත්ක් ගැටළුව විසඳීමට නොහැකි වන ඇතැයි කෙනෙකුට තර්ක කල හැකිය.

තවත් කෙනෙකුට යුද්ධයේ අමිහිරි වේදනාව අමතක කිරීම පහසු නැති බවත් ඒ වේදනාව මේ  ප්‍රතිචාර පළවෙන බව කිව හැකිය.

දෙමළ ඊලාම් සිහිනය  ජීවමානව තබා ගැනීම සඳහා මෙවන් කතා මාධ්‍ය හරහා පතුරුවන බව තවත් අයෙකුට පැවසිය හැකිය.

ඇගේ කථාව ගැන කවර කියවීමක් තිබුනත් වඩාත් වැදගත් වන්නේ මේ කථා බභ උතුරු නැගෙනහිර අවතැන් වූ දෙමල හැ මුස්ලිම් ජනතාවටත් තවමත් යුද්ධයේ වියරුවෙන්

පීඩාවට පත් වී සිටින  සිංහල ගම්වාසීන් ගේ වේදනාවයි.

ඒ අසරණ බව සහ වේදනාවට සංවේදී නොවන කථාබභ වැදගත් විය  හැකි නමුත් අර්ථවත් නොවේ.

 

[vsw id=”/fLJ9Ob8P9d0″ source=”youtube” width=”325″ height=”224″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.