දෙමළ ජන ඝාතන ජාත්‍යන්තර පරීක්‍ෂණ ඉල්ලීම ගැන ඉන්දියාව අසතුටෙන්

download (42)

1948 දී නිදහස ලැබීමෙන් පසු බලයට පත්වූ සෑම රජයක්‌ විසින්ම දෙමළ ජනයාට එරෙහිව සිදුකෙරුණු ජන ඝාතන සෙවීමට ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ සිදුකළ යුතු යෑයි උතුරු පළාත් සභාව යෝජනාවක්‌ සම්මත කර තිබේ. මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ උතුරු පළාත් ප්‍රධාන ඇමැති සී. වී. විග්නේෂ්වරන් විසිනි.

මෙම යෝජනාව ඊයේ උතුරු පළාත් සභාවේදී සම්මත වී තිබේ.

2009 දී සිදු වූ මහා ජන ඝාතනය පිළිබඳව පරීක්‍ෂණ පැවැත්විය යුතු බව මෙහි සඳහන් වේ.

මෙම යෝජනාව එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ද යෑවීමට නියමිතය.

මෙම පරීක්‍ෂණය අන්තර්ජාතික යුද අධිකරණය හරහා සිදුවිය යුතු බව විග්නේෂ්වරන් අවධාරණය කර ඇත.

sirisena3

 හින්දු පුවත්පත් වාර්තාව මෙතැනින්

මේ පිළිබඳව නවදිල්ලි පරිපාලනය අසතුටෙන් සිටින බව හින්දු පුවත්පත වාර්තා කරයි.

මෙම යෝජනාව ජිනීවා මානව හිමිකම් සැසිවාරයට කරන බලපෑම තක්සේරු කිරීමට ඉන්දියානු බලධාරීන් වැඩකරමින් සිටිති.

ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව අසීරුවට පත් නොකර දෙමළ ජනතාවගේ ගැටළු විසඳා ගැනීම සඳහා අළුත් ආණ්ඩුවට කාලයක් ලබා දීම ඉන්දියානු ආණ්ඩුවේ අරමුණ වී ඇති හෙයින් මෙම ජන ඝාතන  යෝජනවාට ඉන්දියාවේ සහයෝගය ලබා ගැනීම් දුෂ්කර විය හැකි බව හින්දු පුවත් පත පෙන්වා දෙයි.

මේ අතර වාරේ ඉන්දියාවේ වෙසෙන ලක්ෂයක් පමණ වූ සරණාගතයින් පිරිසක් ආපසු ශ්‍රී ලංකාවට එවීමට ඉන්දියානු ආණ්ඩුව කටයුතු කරමින් සිටින හෙයින් මේ අවස්ථාවේදී

ගැටළු සහගත තත්වයක් ඇතිකර ගැනීමට ඉන්දියානු ආණ්ඩුව කැමති නොවන බවත් හින්දු පුවත්පත පෙන්වා දෙයි.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.