දෙමළ ජාතික සන්ධානයට ඇමති තනතුරු?

M. A. Sumanthiranශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය නියෝජනය කරන මැති ඇමැතිවරු පිරිසක්‌ ආණ්‌ඩුවෙන් ඉවත් වුණොත් තමන් ආණ්ඩුවට කඩා වැටීමට ඉඩ නොදී එක්සත් ජාතික පක්ෂය රැක ගන්නා බව දෙමළ ජාතික සන්ධානය අගමැති රනිල් වික්‍රමසිංහට පොරොන්දු වී තිබේ.

මේ අනුව අවශ්‍යතාවක් මතුවෙතොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු ඇමති ධුර අත් හැරියහොත් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු ඇමති තනතුරු භාර ගැනීමට ඉඩ තිබේ.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර එකඟතාවක්
දෙමළ ජාතික සන්ධානය, ලංකා කම්කරු කොංග්‍රසය සහ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු පිරිසක්‌ සමඟද සාකච්ඡා ආරම්භ වී ඇත. මේ අනුව පසුගිය මැතිවරණවලදී ජනතාවට දුන් පොරොන්දු ඉටුකරදීමට කළ හැකි සියල්ල කල යුතුව ඇති බව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර එකඟතාවක් ඇතිවී තිබේ.

කවර හෝ කැපවීමක් සිදු කොට ඉදිරි අවුරුදු තුන හමාර වනතුරු පවත්වාගෙන යායුතු බව ජනාධිපතිවරයා සහ අගමැතිතිවරයා ගෙන් ඇති තීන්දුවට තමන් පුර්ණ සහයෝගය දෙමළ ජාතික සන්ධානය කියා සිටී.

ජාතික ගැටළුවට විසඳුමක් වශයෙන් නව ආණ්ඩුවක් පත් කර පසුව එය පරාජයට පත් කිරීම අනුවණ හෙයින් රජයට සහය දෙමින් විසඳුම් ලබා ගත යුතු බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා කියයි.

ජාතික ආණ්ඩුවට අපි සහය දෙන්නේ නව ව්‍යවස්ථාවක් සෑදීමටයි. ජනතාවගේ ගැටළුවට විසඳුමක් ලැබෙන ව්‍යවස්ථාවක් බිහි නොවන්නේ නම් අපි මේ රජයට සහය දෙන්නේ නැහැ. නමුත් එවැනි තත්ත්වයක් තවම ඇති වෙලා නැහැ” යැයි සුමන්තිරන් මන්ත්‍රීවරයා පැවසීය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.