දෙමළ තරුණයාගේ සිරුර බාර දීමට ඔස්ට්‍රේලියාව ලක්ෂ නමයක් ඉල්ලයි

tamilමානුස් දිවයිනේ පිහිටි සරණාගත කඳවුරක රඳවා සිටියදී මියගිය ශ්‍රී ලාංකික දෙමළ තරුණයාගේ දේහය ඔහුගේ ඥාතීන් වෙත ආපසු භාරදීමට ඕස්ට්‍රේලියා බලධාරීන් රුපියල් නම ලක්ෂයක් ඉල්ලා තිබේ.

සියදිවි නසාගැනීමට උත්සාහ කිරීමෙන් පසුව පැපුවා නිව් ගිනීයා හි ලොරෙන්ගෝ රෝහලට ඇතුලත් කළ 32 හැවිරිදි රජිව් රාජේන්ද්‍රන්ගේ මෘත ශරීරය 2 සඳුදා එම භුමියේ තිබියදී සොයාගෙන තිබුනි. ඔහුගේ අවසාන කටයුතු සිදු කිරීම සඳහා මළ සිරුර ශ්‍රී ලංකාවේ වෙසෙන ඔහුගේ ඥාතීන් ලබාදීමේ පහසුකම් සලසා ගැනීම සඳහා ඩොලර් 9000 ක මුදලක් එනම් රුපියල් ලක්ෂ නවයක මුදලක් කොළඹ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් ඉල්ලා ඇත.

කිලිනොච්චි ස්කන්ධපුරම් හි වාසය කළ රජිව් යුද හමුදාව විසින් එල්ල කළ තර්ජන හමුවේ ශ්‍රී ලංකාවෙන් පලා ගොස් 2013 වසරේදී ක්‍රිස්මස් දුපතට පැමිණ ඇත. එහිදී ඕස්ට්‍රේලියා බලධාරීන් විසින් අත් අඩංගුවට ගන්නා ලදුව මානුස් දිවයිනේ සරණාගත මධ්‍යස්ථානයෙහි රඳවා තබා තිබේ.

“ලොරෙන්ගෝ රෝහලේ සිදු වූ මරණය පිළිබඳව සිය දෙපාර්තමේන්තුව දැනුවත්,” බව ආගමන හා දේශසීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව කෙටි නිවේදනයක් මඟින් ප්‍රකාශ කොට ඇත.

රජිව් උදුරා ගත්තා මදි ද?

ඒ සා විශාල මුදලක් වියදම් කිරීමේ හැකියාවක් නොමැති පවුලකින් බලෙන් මුදල් ලබා ගැනීමට තැත් කිරීම පිළිබඳ දෙමළ සරණාගත කවුන්සිලය ඕස්ට්‍රේලියා රජය වෙත සිය අප්‍රසාදය පල කරයි.

“අපිට පුතෙක්, සහෝදරයෙක්, ඥාතියෙක් වගේම හොඳ යහළුවෙක් අහිමි වුණා,” යැයි රජිව්ගේ ඥාති සොයුරු මදී දෙමළ සරණාගත කවුන්සිලය හා පවසා තිබේ.

“අපි දන්නේ නැහැ කොහොමද මෙහෙම මුදල් කන්දරාවක් හොයා ගන්නේ කියලා. ඇයි අපිට මෙහෙම කරන්නේ? ඒ ගොල්ලෝ රජිව් අපෙන් උදුරා ගත්තා – ඒක මදිද? දැන් සල්ලිත් ඉල්ලනවා.”

රජය වගකීම ගත යුතුයි

“දේශපාලන රැකවරණ පතා සිදු කළ ඉල්ලීම වෙනුවෙන් පිළිතුරක් ලැබෙන තෙක් ඉන්නා අනෙක් හැම දෙමළ ජාතිකයෙක් සේම රජීව් අවුරුදු හතරකට වැඩි කාලයක් බලා සිටියා.” යනුවෙන් දෙමළ සරණාගත කවුන්සිලයේ කුමාර් නාරායනස්වාමි ගගන හා පැවසුවේය.

කෙසේ වෙතත් රජිව් ගේ අවමංගල්‍ය සම්බන්ධ සියලු කටයුතු ඕස්ට්‍රේලියා රජය විසින් සංවිධානය කළ යුතු බවත් ඔවුන්ගේ ආරක්ෂාව යටතේ සිටි දෙමළ සරණාගතයකුගේ මරණයේ වගකීම ද රජය විසින් භාරගත යුතු බවත් කවුන්සිලය ප්‍රකාශ කරයි.

එසේම නාවුරු සහ මානුස් දුපත් වල මේ වනවිට රඳවා සිටින දේශපාලන රැකවරණය අපේක්ෂා කරන්නන් හැකි ඉක්මනින් නිදහස් කර ආරක්ෂාව සලසන ලෙසත් ඔවුන් එරට රජයෙන් ඉල්ලා සිටියි.

මෙම මස වසා දැමීමට නියමිත මානුස් දුපතේ විසු 6 දෙනකු ඇතුළු ඕස්ට්‍රේලියානු සරණාගතයන් 9 දෙනකු 2013 වසරේ පටන් ජිවිතක්ෂයට පත්ව ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.