දෙමළ දේශපාලන සිරකරුවන්ට වසරක් ඇතුලත පොදු සමාවක්

 

RAYAPPU

නඩු පැවරීමක් නොකර බන්ධනාගාරවල සහ රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා සිටින දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට ආණ්ඩුව එකඟ වී  ඇත.

දෙමළ දේශපාලන සිරකරුවන් පිරිස මාස තුනකින් නිදහස් කිරීම අසීරු බැවින් වසරක් ඇතුළත ඔවුන් නිදහස් කිරීමට ජනාධිපතිවරයා එකඟ වූ බවයි මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් හිමිපාණෝ පවසන්නේ.

 මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා එකඟත්වය පළ කළ බව මන්නාරම රදගුරු තුමන් කරන ප්‍රකාශය පිළිබඳව ආණ්ඩුව පැත්තෙන් මේ තාක් ප්‍රකාශයක් සිදු කොට නැත.

පසුගිය විසිපස් වනදා කොළඹ පැවති හමුවකදී ජනාධිපතිවරයා එම පොරොන්දුව දුන් බවයි, රදගුරු හිමියන් පවසන්නේ. මේ වන විට රඳවා ගෙන සිටින සිරකරුවන්  ගේ සංක්‍යාව පන්සීය ඉක්මවයි.

.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.