දෙරණ දිලිත් සිරසේ රාජ මහේන්ද්‍රන් සමග ගැටුමක

 

Dilith to definitely take Rajamahendran to court

 

 

තමාට එරෙහිව ද්වේශ සහගත හා අසත්‍ය ප්‍රචාරයන් සිදුකිරීමට එරෙහිව සිරස මාධ්‍ය ආයතනයට සහ රාජෙන්ද්‍රන් රාජාමහේන්න්ද්‍රන් මහතාට අනිවාර්යෙයෙන්ම නඩු පැවරීමට ක්‍රියා කරන බව ටී.වී දෙරණ ආයතනයේ සම කළමනාකාර අධ්‍යක්ෂ දිලිත් ජයවීර මහතා පවසයි.

සිරස මාධ්‍ය ජාලය විසින් පළකරනු ලැබූ අසත්‍ය හා ද්වේෂ සහගත පුවත් තුළින් දෙරණ ආයතනයේ සම කළමනාකාර  අධ්‍යක්ෂ දිලිත් ජයවීර මහතාගේ කීර්ති නාමයට සිදුවූ හානිය වෙනුවෙන් කෝටි 200 ක වන්දියක්  ඉල්ලා ඔහුගේ නීතිඥවරයා විසින් මීට ඉහතදී එන්තරවාසියක් යවන ලදී.

එසේ එන්තරවාසියක් යවා තිබියදී මීට ස්වල්ප මොහොතකට පෙර සිරස ටී.වී ආයතනය විසින් අදාළ එන්තරවාසිය උපුටා දක්වමින් ප්‍රවෘත්තියක් ප්‍රකාශයට පත්කරමින් කියා සිටියේ දිලිත් ජයවීර මහතා විසින් රාජාමහේන්ද්‍රන් මහතාට නඩුපවරනු ලැබුවහොත් එය අධිකරණය අවභාවිතයේ යෙදවීමක් ලෙස සලකන බවයි.

එසේම එලෙස නඩු පවරනු ලැබුවහොත් බිලියන 20ක වන්දියක් ඉල්ලා දිලිත් ජයවීර මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට රාජාමහේන්ද්‍රන් මහතා විසින් පෙනී සිටින බව කියන නීතිඥ අරුන් ප්‍රකාශ් නමැත්තෙකු අවධාරණය කරන බව සිරස පුවත් විසින් පෙන්වාදෙන ලදී.

 

Kili_Maharaja_wachala_Wahalun (1)

 

මේ පිළිබඳව අද දෙරණ කළ විමසීමකදී දිලිත් ජයවීර මහතා  කියා සිටියේ තමාට මෙතෙක් රාජාමහේන්ද්‍රන් මහතාගෙන් හෝ ඔහුගේ නීතිඥයෙකුගෙන් ලිඛිතව ප්‍රතිචාරයක් ලැබී නොමැති බව හා එසේ ලැබුණද නොලැබුණද  පසුගිය කාලය මුළුල්ලේ කරන ලද ද්වේශ සහගත ප්‍රකාශ,අපහාස කිරීම් හා අසත්‍ය කරුණු දැක්වීම් වලට එරෙහිව අනිවාර්යෙයෙන්ම නඩු පැවරීමට ක්‍රියාකරන බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.