දෙලොවක් අතර සිටින මෛත්‍රී දියාරුයි- New Indian Express

Untisira

ලාබාල රනිල්-මෛත්‍රී ආණ්ඩුව මහින්ද රාජපක්ෂ ගේ බලපෑමෙන් අභියෝගයට ලක්ව සිටින බව නිව්  ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත්පත  කියා සිටී.

එකනෙකට නොපෑහෙන අනුගාමිකයින් සමග  කටයුතු කිරීම, සහ දියාරු නායකත්වය හේතුවෙන් මේ තත්වය උද්ගත වී ඇති බව මෙම විග්‍රහය කියා සිටී.

බඩු  මිල අඩුවෙන  බව කියා සිටියත් ඒසේ නොවන වාතාවරණයක් තුලදී මහින්ද රාජපක්ෂ ශක්තිමත් නායකයෙක් ලෙස ඉස්මතු වෙමින් සිටින බව වාර්තාව කියා සිටී.

මෛත්‍රීපාල සිරිසේන මහතා දෙලොවක් අතර තනිවී සිටින බවයි වාර්තාව පෙන්වා දෙන්නේ.

ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අනුගාමිකයින් ඔහුට එක්සත් ජාතික පක්ෂය සමග තිබෙන දීගය අත්හැර දමා පක්ෂය සමග එක පෙළට සිට කටයුතු කරන්නැයි කියා සිටියත් ප්‍රයෝගික හේතුන් නිසා එසේ කරගත නොහැකි තත්වයක් උදාවී ඇති බවයි .

පළමු කොටම පෙනේනේ ඇතුලේ අවුල පිටතට  පෙනෙන්නට පටන් ගෙන ඇති බවයි.මේ ප්‍රවනතාවය පත්‍ර ගියහොත් ජාත්‍යන්තරයේ ජනාධිපතිවරයාට තිබෙන පිළිගැනීම අඩු වී යනු ඇත.හුදෙක් විදේශ සංචාර වල යෙදීමෙන් පමණක් තමන්ගේ ප්‍රතිරුඋපය රැකගත නොහැකි බව ජනධිපතිවරයා තේරුම් ගත යුතුය.

 අතීරණයෙන් මිදිය යුතුය

මේ හමුවේ  කුමක් කරන්නේද යන ප්‍රශ්නයේදී සිරිසේන මහතා පලමු කොටම අතීරණයෙන් මිදිය යුතුය.

දැනට සිරිසේන මහතා කරන්නේ එජාප සහ ශ්‍රීලනිප යන අසුන් දෙදෙනාගේම පිට නැගී ගමන් කිරීමට උත්සාහ කිරීමයි.මේ ලෙසින් ගමන් කල හැකි දුර කෙටිය.වැඩි කල් නොගොස් හොම්බ තලා ගන්නවාට සැක නැත.

වහාම කළ යුත්තේ මේ අසුන් දෙදෙනාම අත්හැර තමන්ට ජයග්‍රහනය ලබා දුන් අශ්වයා යලිත් තෝරා  ගැනීමයි.

ඒ එක්සත් ජාතික පක්ෂයේ,ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ,හෙළ උරුමයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සිටින මධ්‍යස්ථ බහුතරයයි.

මෙය දුෂ්කර කාර්යකි ඒ සඳහා පලමු කොටම ජනධිපතිවරයා නිර්පාක්ෂික විය යුතුය.දෙවනුව තමන් ගැන විශ්වාශ කළ ජනතාව ගැන විශ්වාශ කල් යුතුය.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.