දෙසැම්බර් 31ට පෙර උතුරේ ඉඩම් අයිතිකරුවන්ට පවරා දෙන්නැයි ජනපති නියෝග!

එළඹෙන දෙසැම්බර් 31 වෙනිදාට පෙර උතුරු නැගෙනහිර ජනතාවට නීත්‍යානුකූලව හිමිවිය යුතු ඉඩම් අනිවාර්යෙන්ම එම ජනතාවට ලබා දිය යුතු බවට ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

විධිමත් කාල රාමුවක් තුල අදාළ වැඩපිළිවෙළ දියත් කරන ලෙසත්, එහි ප‍්‍රගතිය ලබන මස පැවැත්වෙන උතුරු හා නැගෙනහිර පළාත් සංවර්ධනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බලකා රැස්වීමට ඉදිරිපත් කරන ලෙසත් ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා මේ බව දැනුම් දී ඇත්තේ උතුරු හා නැගෙනහිර පළාත් සංවර්ධනය පිළිබඳ පත්කළ ජනාධිපති කාර්ය සාධන බලකාය තුන්වන වරටත් ඊයේ (03) පස්වරුවේ රැස් වූ අවස්ථාවේදී ය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.