දේදුනු විප්ලවයේ යතුර කවුරුන්ද?

web_Ferdi විදේශ ඇමති මංගල සමරවීර මහතා මේ දිනවල ජර්මනියට පැමිණ සිටී. ඔහුට හිතවත් වෙබ් අඩවියක් මේ පුවත වාර්තා කළේ දේදුනු විප්ලවයේ යතුර ජර්මනියට පැමිණ සිටින බවයි.තවත්වෙබ් අඩවියක් කෙළින්ම අලුත් ගමනක් යාමට මංගල සමග එක්වෙන ලෙස ආරාධනය කොට සිටී.

සිරිසේන මහතා තවත් සිව් වසරක් ජනාධිපතිවරයා ලෙස වැඩ කරනු ඇත.රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ එක්සත්  ජාතික පක්ෂ අගමැති අපේක්‍ෂකයාය.එසේ නම් මංගල සග ය හැකි ගමන කුමක්ද?

එක්කෝ මංගල මීළඟ ජනාධිපතිධුර අපේක්ෂකයා විය යුතුය.එසේත් නැති නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා විය යුතුය.

මේ දිනවල මංගල තරමක් සංසුන්ය.වැඩිපුර කල් ගත කරන්නේ ගුවනේය. ඒ අතරවාරේ ශ්‍රී ලංකාව පිළිබඳව ජාත්‍යන්තරයේ මතුවී තිබෙන කළු ලප සහ පැල්ලම් මකමින් සිටී.

මේ ආණ්ඩුවේ  හරයක් ඇති වැඩක් කරන පිරිස් අතුරින් ඔහු දෙවෙනි වනවා නම් දෙවෙනි වන්නේ රනිල් වික්‍රමසිංහට පමණි.

අනගත දේශපාලන භූ දර්ශනය තුල මංගලට පැහදිලිවම භූමිකාවක් ඇත.සිරිසේන-වික්‍රමසිංහ ඩබල නියත වශයෙන්ම අනාගත ලංකාවේ දේශපාලනය වෙනස් කරනු ඇත.ඒ තුල මධ්‍යස්ථ බහුතරය විශාල වනුඇත.ජාතිවාදයට ඇති ඉඩ හැකිලෙනු ඇත. දේශ පාලකයින්ට ඇති බලය සීමා වී රාජ්‍ය තුළ ජනතා පරමාධිපත්‍යට ඇති ඉඩකඩ ප්‍රසාරණය වනු ඇත.

 

මේ ඉලක්ක කර යන ගමනේදී මංගලට පැහැදිලි භූමිකාවක් ඇති අතර  ඒ ගුණය රැගෙන එය ස්තපිත් කිරීමේ හැකියාව ඇති දේශපාලකයින් අතරේ මංගල පෙරමුණේ සිටී.

සමහරුන් ඔහුව  දේශීය සිත හඳුනා නොගත් යැංකි මැට්ටෙක් සේ හදුන්වති. ඔහු මේ දේශීය කම තුල සිරවී සිටියා නම් මේ වන විට වැලේ වැල් නැතිවෙනු ඇත.ඔහු ඒ දේශීය බව අතික්‍රමණය කළේය.

mangala (2)

ශ්‍රී ලංකාවේ දුෂිත දේශපාලනයට ගෑවුණු මැති ඇමතිවරුන් ගේ චරිතය සහතික කිරීමේදී ප්‍රවේශම් විය යුතු නමුත් මංගල සම්බන්ධයෙන් ඇති හොඳම සහතිකය නම් රාජපක්ෂ ආණ්ඩුව කොතෙක් දුෂණ

ගෙන් ඒමට උත්සාහ කළත් එය සාර්ථක නොවීමයි.

අනෙක් අතට ඔහු කිව යුත්ත කීම සඳහා කිසිකළෙකත්  පැකිලුනේ නැත.එහෙයින් ජාතිවාදයට ඉතිහාසයේ කුණු බක්කිය හිමිවන බව කියා සිටීමට පසු බට නොවීය.

මංගල සමරවීර ගේ ප්‍රධාන දුර්වලකම නම් ඔහු ජනතාවට වඩා දේශපාලන මෙහෙයුම් පිළිබඳව විශ්වාශ කිරීමය.

 

අතීතය සම්බන්ධයෙන් බලන්නේ නම්  මේ නිසා ඔහු එක්තරා ප්‍රමාණයකට දුෂ්කර  භූමියක රැකුනේය. එහෙත් වර්තමානය සහ අනාගතය සම්බන්ධයෙන් බලතොත් ඔහු දේශපාලන මෙහෙයුම් වලට වඩා ජනතා බලය පිළිබඳව විශ්වාස කිරීමට පුරුදු විය යුතුය.දැන් රජුන් හැදුවා ඇතිය.

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.